සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කර සකස් කරනා හන්තාන කන්දෙහි අසිරිමත් ස්තූපයයි මේ සඳගිරි සෑ රජුන්,ඉතින් පෙර සසරේ සිදුකල උත්තම පිනක් හේතුවෙන් මෙම සෑ රජුන් සැකසීමේ කටයුතු හා සෑය පිලිසතර කිරීමට සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට වාසනාව උදා වූවා .අදික අව් රශ්මිය හමුවේ බුදු ගුණ සිහිකරමින්ම ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන හුදී ජනයාගේ පහන් සංවේගය ඇති කරනු වස් පින් සිතුවිලි ජනිත කරමින් කුසල් සිත් වඩ වඩා ඇති කිරීමට හේතු සාධක වන ස්ථූප රාජයාණන් වහන්සේ නමක් සැකසීමට ගඩොල් ලබාදෙමින් උත්තම ශ්‍රම පූජාවෙන් දායක වෙමින් දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පින්කම සිදුකිරීම සදහා අපට මෙම ආවස්තාව උදා කර දුන් ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේට ද ,ඇතුලු එම සියලු පිරිසටද,කාය පූජාවෙන් මේ සදහා පැමිණි සසුන් කෙත අසද්දමු මිතුරු කැලටද ,”සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතූවේවා!
හන්තාන සඳගිරි මහා සෑ රජුන්ගේ තැනීම් කටයුතු සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන් අමතන්න
ගඟසිරිපුර ස්වාමින් වහන්සේ – 0714962050
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.