යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරන් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය.සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දිනයක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ දී කාලකාරාම සූත්‍ර දේශනාව කළ පුණ්‍ය භූමියයි .දෙව් බඹ නා පිරිස එක් රොක් වෙමින් මෙම පුණ්‍ය භූමියේ බැලු බැලු තැන එදා ධර්මය ශ්‍රවණය කරන්න ඇති.කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ප්රමුඛ එම අරහත් පරපුරෙන් පැවත එන පින්වත් ස්වාමීන් වහන්සේලා අදටත් හුදකලාව විවේකී සුවයෙන් බවුන් වැඩීමට මෙම අසිරිමත් පින්බිම කරා නිරන්තරයෙන් වැඩම කරයි මාගේ ජන්ම දිනය යෙදුන අද දිනයේ සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළ හා එක් වී දහවල් දානය මනාව සකසා ඉතාමත් ශ්‍රද්ධාවෙන් පුජා කිරීමට අපට හැකි විය මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ දින දෙකකටත් වඩා අඩු කාලයකදී මෙම පින්කම සංවිධාන කිරීමට මා හට උපකාරී කරමින් දායකත්වය දැරූ සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළටද ,මාගේ දෙමවිපියන්ටද ,එමන්ම මේ සදහා මූල්‍යමය දායකත්වය දැරූ
ලක්මාලි ජයවර්ධන අක්කාටද
දුශාන් සන්ජීව මිතුරාටද
ඉසුරු අරවින්ද මිතුරාටද
ඔසන්දි චිරන්තා අක්කාටද
බද්ද්රා වෙදගේ අක්කාටද
මහේශා අක්කාටද
ප්‍රශාන්ති ගුණසේකර අක්කාටද
රශිනි ගමගේ මිතුරියටද
රුක්ශිනී අක්කාටද
මෙන්ම දැක බලා අනුමෝදන් වූ සියලු දෙනාටද පින් කැමති සියල්ලන්ට ද සිරිමත් දානමය පිංකමෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීමට හේතු වේවා, වාසනා වේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය… සසුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.