සසුන්කෙත අස්වද්දමු මිතුරු කැලට අසිරිමත් සුවිශේෂී පින්කමක් පසුගිය දිනක සිදුකර ගැනීමට හැකි වූවා,යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරන් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය.සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දිනයක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ දී කාලකාරාම සූත්‍ර දේශනාව කළ පුණ්‍ය භූමියයි .දෙව් බඹ නා පිරිස එක් රොක් වෙමින් මෙම පුණ්‍ය භූමියේ බැලු බැලු තැන එදා ධර්මය ශ්‍රවණය කරන්න ඇති.කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ප්රමුඛ එම අරහත් පරපුරෙන් පැවත එන පින්වත් ස්වාමීන් වහන්සේලා අදටත් හුදකලාව විවේකී සුවයෙන් බවුන් වැඩීමට මෙම අසිරිමත් පින්බිම කරා නිරන්තරයෙන් වැඩම කරයි. පින්වත් ස්වාමින් වහන්සේලා සමගින් ධර්ම සාකච්චා කරමින් අපද සිත එකග කරමින් අවිවේකී ජීවන රටාවෙන් මිදී කුසල් සිත් වඩමින් හුදකලාව තැනින් තැන භාවනා සිදුකලෙමු. සියලුදෙනාම එකම කමටහන්කින් බුද්ධානුස්සතියෙන් යුක්තව වාසය කලෙමු.දිනය පුරා මෙම පින්බිමේ සිට කුසල් සිත් වඩමින් , අසිරිමත් පින්බිම වන්දනා කරමින් ,ස්වාමින් වහන්සේලාට ධානය පූජා කරමින්, ස්වාමින් වහන්සේලාට උපස්තාන කරමින් ,ධර්ම සාකච්චා කරමින්, රැස්කරගත්තාවූ සියලු පින් ඔබ අප සැමට සතර සස්තිපට්ටානය වැඩී සසුන්කෙතින් නිවන් මගට පිවිසීමටම හේතූ වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි ,නමෝ බුද්ධාය… සසුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.