නිති පින්වැඩෙන අසිරිමත් පින්කමක් බොහෝ දෙනකු සම්බන්ද කර ගනිමින් සිදුකරගැනීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද, ස්වාමින් වහන්සේලා 8 නමක් පමණ වැඩ වාසය කරන සුන්දර අමත රතන විවේක සෙනසුනේ පිහිටි මෙම ලිද බොහෝ සේ අපවිත්‍ර වී ගොස් මඩ හා ශාක ද්‍රව්‍ය පිරී අනාරක්ශිත ලෙස පැවති අතර මේ බව දුටු සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළ පසුගිය දිනක එක් වී වර්ශාව මද්‍යයේ මෙම ලිද පතුලේ පැවති සියලු මඩ හා ශාක ද්‍රව්‍ය ඉවත් කර මනාව පවිත්‍ර කරමින් මෙම ලිද ආරක්ශිත ලෙස සැකසීමේ කටයුතු ආරාම්භ කරමින් ලිද සම්පූර්ණයෙන්ම පවිත්‍ර කරමින් පැවති දුර්වර්ණ වී ගිය පැරණි ජලය පොම්ප කර ඉවත් කරන ලදී ,එමෙන්ම මෝටරය යොදා වතුර ඉහලට ගැනීමට හැකිවන පරිදි සකස් කරමින් ආරක්ශිත දැලක්ද මේ සදහා පූජා කරන ලදී ,මෙහි දෙවන අදියර වූයේ මෙම ලිද සදහා බැම්ම ගැසීමේ පින්කමයි ඒ සදහා බැම්ම ගැසීමට අවශ්‍ය පාදම කොන්ක්‍රීට් යොදා මනාව සකස් කරන ලදී .මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සදහා දෙවන අදියර තෙක් දායකත්වය දැරූ ලක්මාලි ජයසේකර අක්කාටද
දුශාන් සOජීව මිතුරාටද
යශෝදා පතිරත්න නැන්දාටද
ගැමුණු සුරOග අයියාටද
පද්මා සමරකෝන් නැන්දාටද
තිලිනි නදීරා සහ ප්‍රබෝධ අයියාටද
මහේශා අක්කාටද
රුක්ශිනී අක්කාටද
ඔසන්දි චිරන්තා අක්කාටද
නිරෝශා ලක්මාලි අක්කාටද
නිලන්ත තිලකරත්න අයියාටද
වීරසූරිය කෞශල්‍ය අයියාටද
ව් වැසි මද්‍යයේ නොකඩවා කාය පූජාවෙන් මෙම අසිරිමත් පින්කම සදහා සම්බන්ද වූ නාලක අයියා ඇතුලු සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළටද , අමිත ස්වාමින් වහන්සේටද ,අකුර මුල්ලේ රතන ස්වාමින් වහන්සේටද ඇතුලු ආරණ්‍යයේ සියලු ස්වාමින් වහන්සේලාටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා,එමෙන්ම මෙහි ආරක්ශිත ලෙස බැම්ම ඉදිකර මෙය සැකසීම ඉදිරියේදී සිදුවන අතර මෙම ලිදේ බැම්ම සැකසීම හා සසුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.