එප්පාවල කටියාව ප්‍රදේශයේ බොහෝ පරිසකගේ සිත් තුල පින් සිතුවිලි ජනිත කරම්න් බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරමින් හේවිසි පූජා ශබ්ද පූජා අනේකවිධ නර්තනයන්ගෙන් දාකරඬුව හරසර සහිතව පිළිගනිමින් මුතුකුඩ මධ්‍යයේ කරඩුන් වහන්සේ පාවඩ සහිතව වැඩම කරමින් අසිරිමත් ලෙස පින්කම සිදු විණි,ඉන්පසු සුවසේ ධා කරඩුන් වහන්සේ මන්ඩපයේ වඩා හිදුවා පින්වත් මිනිසුන් හට ධාතූන් වහන්සේලා වන්දනා කිරීමේ දුර්ලභ අවස්තාව උදා කර දීමට අපට හැකිවිය .මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සOවිධාන කරමින් මෙම දුර්ලභ අවස්තාව මිනිසුන් හට උදා කර දුන් ආනන්ද ස්වමින් වහන්සේටද සාගර සුමන ස්වාමින් වහන්සේටද ඇතුලු සියලු ස්වාමින් වහන්සේලාටද ,එමෙන්ම මෙම පින්කම සදහා සම්බන්ද වූ අප කල්‍යාණ මිතුරන්ටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු.කටියාව ශ්‍රී සම්බෝධී විහාරයේ 2019.04.07 වන අද දින සවස 7 සිට රාත්‍රී 11 දක්වා බලOගොඩ රාධ ස්වාමින් වහන්සේගේ සුමදුර බුදු ගුණ දහම් දෙසුමක් සහ රාත්‍රී 11 සිට 2019.04.08 වන පසුදින සවස දක්වා අසිරිමත් ධාතූ වන්දනාවක්ද පැවැත්වේ මේ සදහා ඔබ සැමට මෙත් සිතින් ආරාධානා කරමි
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.