යෝගාවචරයන් වහන්සේලගේ තෝතැන්නක් වූ මිහින්තලය කළුදියපොකුණ තපෝවනය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘත වන මනරන් හුදකලා පින් බිමකි.ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙය.සුන්දර වන ළැහැබකින් සමන්විත බැලු බැලු තැන රහතන් වහන්සේලා ගේ පාද ස්පර්ශ වූ මෙම භූමිය කාල බුද්ධරක්ඛිත මහා රහතන් වහන්සේ කළු පුරහද දිනයක ,කළු තිඹිරිය ගසක් යට, කළු දිය පොකුණ අසබඩ දී කාලකාරාම සූත්‍ර දේශනාව කළ පුණ්‍ය භූමියයි .දෙව් බඹ නා පිරිස එක් රොක් වෙමින් මෙම පුණ්‍ය භූමියේ බැලු බැලු තැන එදා ධර්මය ශ්‍රවණය කරන්න ඇති.කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ ප්රමුඛ එම අරහත් පරපුරෙන් පැවත එන පින්වත් ස්වාමීන් වහන්සේලා අදටත් හුදකලාව විවේකී සුවයෙන් බවුන් වැඩීමට මෙම අසිරිමත් පින්බිම කරා නිරන්තරයෙන් වැඩම කරයි.දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට පෙර රජ දවසින් පසු ඉතමත් අසිරිමත් දුර්ලභ පින්කමක් කලුදිය පොකුණ තපෝවනයේ සිදුකර ගැනීමට හැකි වූවා,හිත සමාහිත වීමට ප්‍රධාන ලෙස උපකාරී වන ඉරියාපත භාවනාවේ ප්‍රධාන භාවනා අන්ගයක් වන සක්මන් භාවනාව සිදුකිරීම සදහා උපකාරිවන සක්මන් මලු 10ක වැලි අතුරා නැවත සඝ සතු කොට පූජා කිරීමට අපට හැකි වූවා .කෑලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සදහා මනාව සකස්කල සක්මන් මලු භාවනා කටයුතු දියුනු කරගෑනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ.අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ විතර්ක භාවනාව ලෙසද හදුන්වා ඇත, සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත් ආවර්ජනය කිරීමටද මෙම සක්මන මනාව උපකාරී වේ,දිනය පුරා වෙහෙස මහන්සි වී සක්මන් මලුව මානාව පිරිසිදු කර,වෑලි ගෙන විත් ,ක්‍රමානු කූලව සුදු වෑලි හලා මනාව සුදු වෑලි සක්මන් මලුවේ ඈතිරීම බුදුගුණ සිහිකරමින්ම අප සෑම එක්වී සිදුකලෙමු.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම සකමන් මලු සදහා වැලි ලබා දීම පිණිස දායකත්වය දැරූ
තිලිනි නදීරා අක්කාටද
දිනිති පීරිස් අක්කාටද
නදීකා සOජීවනී අක්කාටද
ප්‍රමෝද් මල්ලීටද
සුමුදු මල්වැන්න අක්කාටද
කුමාර මිතුරාටද
මහේශා අක්කාටද
ගයාශී අක්කාටද
නම් සදහන් නොකල දායකත්වය දැරූ සියලු මිතුරන්ටද
ආරණ්‍යයේ සියලු ස්වාමින් වහන්සේලාටද ,සම්බන්ද වූ තිහකට අදික සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද
වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.අප සෑමගේ මෙම කාය පුජාව ඒ අප සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ආර්ය් පුත්‍ර වූ මහා සඝ රුවන උදෙසාම වේවා,
සසුන් කෙත අස්වද්දමු අස්වද්දමු පින්කම් මාලාවන් සදහා සම්බන්ද වීමට ඔබත් එක වන්න .ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.