දානයන් අතර අග්‍ර දානය වූ ධර්ම දාන පින්කමක් අවශ්‍ය මොහොතක වස් සමය අවසානයේ දෙනියාය දොඹගොඩ විහාරස්තානය වෙත සිදුකර ගැනීමට සසුන්කෙත අස්වද්දමු මිතුරු කැළට වාසනාව උදා විය.නිරන්තරයෙන් පින්කම් මාලාවන් හා ශීල වැඩසටහන් සිදුවන මෙම විහාරස්තානයේ දැනට ශබ්ධ විකාශන යන්ත්‍ර පද්දතියක් නොමැති වීම උග්‍ර ගැටලුවක් වී පැවති අතර ඉතා දුශ්කර දිවි පෙවෙතක් ගත කරන මෙම ගම්වාසීන් හටද මෙය ලබා දීම ඉතා අසීරූ වී පැවතියා.ගම් දනව් සිසාරා ගමන් කරන සසුන් කෙත අස්වද්දමු මිතුර් කැල මෙම විහාරයේ මෙම අඩුපාඩුව දුරලමින් හුදී ජ්නයා හට ශ්‍රද්ධා ජනිත සිත් ඇති කරමින් බුද්ධාලම්භණ ප්‍රීතිය චිත්ත සන්තානයේ ජනිත වීම පිනිස නිරන්තරයෙන් ධර්මය මනාව සුව සේ ශ්‍රවණය කිරීමට උපකාරී වන ඉතා වටිනා ශබ්ධ විකාශණ යන්ත්‍ර පූජාවක් සිදුකර ගැනීමට ලැබීම භාග්‍යකී.එමෙන්ම නිර්මල බුද්ධ භාශිතය අන්තර්ගත රේණුකානේ හිමිපානන් වහන්සේගේ අOග සම්පූර්ණ පුස්තක පූජාවක්ද සිදුකලෙමු. දිවා රාත්‍රී පින් වැඩෙන මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම ශබ්ධ විකාශන් යත්ර කට්ටලය ගැනීම පිණිස මූල්‍යමය දායකත්වය ලබා දෙමින් එම ශබ්ධ විකාශන අOග සම්පූර්ණ කට්ටලය ලබා දුන් පින්වත් ජයෝද් අයියා ඇතුලු පවුලේ සැමටද ,ධර්ම පුස්තක ලබා දුන් පින්වත් එවන් අයියා ඇතුලු පවුලේ සැමටද,එමෙන්ම මෙම පින්වම සම්බන්ද කර දුන් විජේ අයියාටද , මෙම විහාරයේ පින්වත් ස්වාමින් වහන්සේටද ,කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද ,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.තෙරුවන්සරණයි
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
ඉසුරු 0715945477
















Leave a Reply
Your email is safe with us.