සෑම සති අන්ත දිනකම සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල මේ එක් වන්නේ සසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී කුසල් වැඩීමටයි, කාය ද්වාරයෙන්,මනෝ ද්වාරයෙන් ,වචි ද්වාරයෙන් අප්රතිහර්තී කැපකිරීම් කරමින් අසිරිමත් පින්කමක් පසුගිය දින මාතර කඹුරු පිටිය විහාරයේදී අප සැමට සිදුකර ගැනීමට හැකි වූවා,හිත සමාහිත වීමට ප්‍රධාන ලෙස උපකාරී වන ඉරියාපත භාවනාවේ ප්‍රධාන භාවනා අන්ගයක් වන සක්මන් භාවනාව සිදුකිරීම සදහා උපකාරිවන සක්මන් මලුව සැකසීමේ මූලික අදියර අපට සාර්තකව සිදුකිරීමට හැකි වූවා .කෑලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සදහා මනාව සකස්කල සක්මන් මලු භාවනා කටයුතු දියුනු කරගෑනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ.අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ විතර්ක භාවනාව ලෙසද හදුන්වා ඇත, සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත් ආවර්ජනය කිරීමටද මෙම සක්මන මනාව උපකාරී වේ.,භාවනාව ප්‍රගුණ කර වැඩි හිටි ස්වාමින් වහන්සේලා උදෙස දිගිනි වැඩි මෙම මහා තේර සක්මන් මලුව වඩාත් උපකාරී වන අතර , භාවනාවට ආදුනික යෝගාවචරයන් වහන්සේලා බොහෝ වේලාවට භාවිතා කරනුයේ සාමාණ්‍ය සක්මන් මලුවේ,දිග වැඩි වීම චිත්ත ඒකාග්‍රතාව බොහෝ වේලාවක් පවත්වා ගැනීමට ආගන්තුක හිමි වරුන් හට අපහසු වීමයි, ,දිනය පුරා වෙහෙස මහන්සි වී අද්ක වනයේ ඝන කැලෑව සුද්ද කර මනාව භූමිය සකසා ,මුල් ඉවත් කර , සමතලා කර සිමෙන්ති යොදා මනාව සක්මන් මලුවේ අත්තිවාරම යෙදූවෙමු, දුර බැහැර සිට වැලි සිමෙන්ති ,ගල්, ගෙනවිත් බුදුගුණ සිහිකරමින්ම කාය පූජා සිදුකලෙමු,
.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම සක්මන් මලුව සැකසීම සදහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත් සOජය අයියාටද එමෙන්ම ධර්ම පුස්තක පූජා කිරීම සදහා දායකත්වය දැරූ පින්වත් එවන් අයියාටද , මෙම සක්මන් මලුව සැකසීම සදහා වෙහෙස මහන්සි වූ රුශාන් මල්ලිටද , කාය පූජාවෙන් සක්මන් මලුව සැකසීමට සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර විහාරාධිපති ස්වාමින් වහන්සේටද,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.මෙම ඉරු දින ( may 5) මෙම සක්මන් මලුව සකසා සුදු වැලි අතුරා සඝ රුවනට පූජා කිරීමට බලාපොරොත්තුවන අතර ශ්‍රමයෙන් මේ සදහා සම්බන්ද වීමට කැමති මිතුරන්
අමතන්න ඉසුරු 0715945477
Web Site:-sasunketha.org
Fb Page :-https://www.facebook.com/SasunKethaAswaddamu/
Fb Group:-https://www.facebook.com/groups/1715908338447393මාතර කඹුරුපිටිය විහාරයේ සක්මන් මලුව සැකසීමේ පලමු අදියර නිමා කල වගයි
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.