මීතිරිගල නිස්සරන වනඅරණට අනුබද්ධ කිරිදිවෙල පිළිසරණ අනගාරිකා ආරණ්‍ය වෙත ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව සසුන් කෙත අස්වැද්දමු මිතුරු කැලට සක්මන් මළුවක් සකසා පූජා කිරීමට හැකි වූවා. අනගාරිකා මෑණිවරුන් අට නමක් පමණ නිර්වාන මාර්ගය වඩන හුදකලා මනරම් මනස්කාන්ත පරිසරයකින් සමන්විත මෙම පිළිසරණ අනගාරිකා ආරණ්‍යයේ දැඩි අඩුපාඩුවක් බවට සක්මන් මළුවක් නොමැතිවීම පත්වී තිබූ අතර එම අඩුපාඩුව දුරලමින් අනගාරිකා මෑණිවරුන් හට සුවසේ බවුන් වඩමින් නිර්වාන මාර්ගය වෙත සෘජුවම උපකාරවන සක්මන් භාවනාව සිදු කිරීම පිණිස සක්මන් මලු සකසා පූජා කිරීම අපට ලැබූ භාග්‍යයක් මය.
මහණෙනි, සක්මන් කිරීමෙහි ආනිශංස පහකි.
එයින් පළමුවැනි එක ‘අද්ධානක්ඛමෝ හෝති’. දුර ගමන් ඉවසිය හැකි කෙනෙක් වෙනවා.
දෙවැනි ආනිශංසය විදිහට සඳහන් වෙන්නෙ ‘පධානක්ඛමෝ හෝති’ ප්‍රධන් වීර්ය වැඩීමට දක්ෂයෙක් වීම.
ලෙඩ රෝග අඩු කෙනෙක් වීම සක්මන් භාවනාවේ එන තුන්වැනි ආනිශංසය. ඒ කාරණය ‘අප්පාබාධෝ’ කියල ඉහත සූත්‍රයේ සඳහන් වෙනවා.
සක්මන් කිරීමේ ඊළඟට ලැබෙන ආනිශංසය තමයි ‘අසිත පිත ඛායිත සායිතං සම්මා පරිනාමං ගච්ඡති’. ඒ කියන්නේ කන බොන ආහාර පාන පහසුවෙන් ජීර්ණය වෙනවා.
සක්මන් කිරීමේ පස්වැනි ආනිශංසය විදිහට චංකමානිශංස සූත්‍රයේ දක්වා තියෙන්නේ ‘චංකමාධිගතෝ සමාධිස්ස චිට්ඨිතිකෝ හෝති’. සක්මනෙන් ලැබෙන සමාධිය බොහෝ කාලයක් නොනැසී පැවතීමයි …
අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ විතර්ක භාවනාව ලෙසද හදුන්වා ඇත, සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත් ආවර්ජනය කිරීමටද මෙම සක්මන මනාව උපකාරී වේ.,දිනය පුරා වෙහෙස මහන්සි වී කැලෑව සුද්ද කර මනාව භූමිය සකසා ,මුල් ඉවත් කර , සමතලා කර සිමෙන්ති යොදා මනාව සක්මන් මලුවේ අත්තිවාරම යෙදූවෙමු, දුර බැහැර සිට වැලි සිමෙන්ති ,ගල්, ගෙනවිත් බුදුගුණ සිහිකරමින්ම කාය පූජා කරමින් සක්මන් මලුව සකසා නිමා කලෙමු ,,එමෙන්ම සක්මන් මලුවට යාබදව මෑණිවරුන් හට සුවසේ බවු වැඩීම පිණිස භාවනා ආසනද සකස් කල අතර මැණිවරු හට බෝධියට හා ස්තූපය වන්දනා කිරිමට ඉහලට ගමන් කිරීම පිණිස අත්වැටක්ද සැකසූ වෙමු.පින්කම අවසානයේ අප විසින් සැකසූ සක්මන් මලු තුල මෑණිවරුන් සක්මන් කිරීම නෙතට කදුලු උනන දසුනක් විය
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම සක්මන් මලුව සැකසීම සදහා අපව සම්බන්ද කල පින්වත් ගීතිකා අක්කා ඇතුලු මීතිරිගල ආරණ්‍යයේ උපස්තාන කමිටුවේ සියලු සාමාජිකයන් හටද ,එමෙන්ම උඩු ඊරිය ධම්මජීව ස්වාමින් වහන්සේ ප්රමුඛ එම ආරණ්‍යයේ සියලූ ස්වාමින් වහන්ස්ලාටද එමෙන්ම අනාගාරිකා මෑණිවරුන් හටද ,,එමෙන්ම අමතර වියදම් සදහා මූල්‍යමය දායකත්වය දැරූ
අනුශ්කා නැන්දා ඇතුලු සියලු දෙනාටද
සශිලා අක්කාටද
නිලින්දු මුතුබණ්ඩාර අක්කාටද
පද්මා බැද්දගේ අක්කාටද
හර්ශමාලි අක්කාටද
තරින්දු අන්ජන හටද
මෙන්ම කාය පූජාවෙන් 12 වන සක්මන් මලුව සැකසීමට සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද, වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා,එමෙන්ම ආරණ්‍යයේ අනෙක් සක්මන් මලුද පිලිසතර කර දීමට සමබන්ද වීමේ අවස්තාව ඔබටද ඇත.
එම පින්කම සදහා මෙන්ම
සසුන්කෙත අස්වද්දමු ඉදිරි පිනක්ම් මාලාවන් සදහා සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
Leave a Reply
Your email is safe with us.