දීප ව්‍යාප්තව සාසනය වෙනුවෙන් ඇප කැපවී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල හට අතිශය දුර්ලබ අනර්ඝ පින්කමක් පසුගියදා සිදු කරගැනීමට හැකි වූවා.හොරොව්පොතාන ප්‍රදේශයට යන මාර්ගයේ මොරකෑව පෙදෙසෙන් දකුනට හෑරී 3.5 කිමි පමන ගිය විට හමුවන ඈලපත්වෑව ගම්මානයේ යාo ඔයට යාබදව මෙම සියඹලා වෑව ස්තූපය දෑකගත හෑක .විහාරමන්දිරද, බොධි රාජයාණන් වහන්සේද සිරිපතුල් ගල්ද දෑකගත හෑකි සුන්දර වූ මනරම් සියඹලා වෑව ස්තූපය සහිත පුදබිම සේරුවිල මoගල මහා ස්තූපය ඉදිකල සමයේම කාවන්තිස් රජු ඉදිකලා යෑයි සෑලකෙන අතර මෙම ස්තූපය ඉතාමත් සුවිශේෂී ස්තූපයකි, මන්දයත් ස්තූපය වටා පෙරහෑරක චිත්රද, බුදු සිරිතද ආදි නොයෙකුත් චිත්‍ර දෑකගත හෑකි ලoකාවේ දෑනට මෙවෙනි චිත්‍ර ස්තූපයක් වටා දෑකගත හෑකි එකම ස්තූපයයි මෙම සියඹලා වෑව ස්තූපය.බුදුරජාණන් වහන්සේගේ ධාතූ නිදන් කර තනවා ඈති යූප ගල්ද දෑක ගත හෑකි මෙම ස්තූපයේ විහාරමහා දේවියගේ සලු පිලි ,ආභරනද නිධන් කර ඈති බවයි ජනප්රවාදයේ මතයයි.මෙම ස්තූපය වන්දනා කිරීමට පැමිණි අප හට දැකගැනීමට හැකි වූයේ ඉතාමත් දුක් සහගත වේදනාකාරී සිද්ධි දාමයකී.අතීතයේ විරාජමාන ලෙස වැජඹී වැඩසිටි සෑරදුන් අද වල්බිහිවී ගරා වැටී විනාශ මුඛයට පත්වී ඇති බව දුටු අප මිතුරු කැල පළමුව මෙම සෑ රජුන් වටා පිහිටි වල් ගලවා සෑ රජුන් පිරිසිදුකර බුදුගුණ සජ්ඣායනා කරමින් සෑ රජුන් වෙත වන මල් පූජාවක් ශ්‍රද්ධාවෙන් යුතුව සිදු කළෙමු.එමෙන්ම ස්තූප මලුවේ පාසි ගලවා ඉවත් කලෙමු .මෙ අසිරිමත් සෑ රජ වන්දනා කිරීමෙන් උපස්තාන කිරීමෙන් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු සත්වයෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම උපකාර කර ගනිත්වා .සීහල දීපය තුළ ඉතා අසිරිමත් දුර්ලභ අතීත රජ දරුවන් ශ්‍රද්ධාවෙන් ඉදිකළ මෙවැනි සෑ රජාණන් වහන්සේලා විනාශ මුඛයට යා නොදී මේවා රැක ගැනීමට නිසි බලධරයන්ගේ අවධානය යොමුකරත්වා.තෙරුවන්සරණයි
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.