අසිරිමත් ආරණ්යකට අසිරිමත් පින්කමක් සිදුකිරීමට පසුගිය දිනක අප සෑමට අවස්තාව උදා වුනා..ඈල්පිටිය පසුකර පෑලවත්තට පෑමින පෑලවත්තෙන් පොල්ගම්පලදී හමුවන හතරමන් හන්දියෙන් ඉදිරියටම කි.මි 2 ක් පමන ගියවිට හමුවන අතීශය මනරම් සිංහරාජ වන ශාකාවේ කෙටසකට සමීපයේ පිහිටි යෝගාවචරයන් වහන්සේලගේ තෝතෑන්නක් වූ තුන්දොල ආරණ්‍ය දුටුවන්ගේ නෙත් සිත් වශී කෘතවන මනරම් පින් බිමකි .ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම සුන්දර වන ලෑහෑබකින් සමන්විත ඉතාමත් නිස්කලන්ක තුන්දොල ආරණ්‍ය . පසු ගිය දිනක මෙම සෙනසුන වෙත පිය නැගි අපට දැක ගැනීමට ලැබූවා දිරාපත්වී ගිය අබලන් වූ ධාන ශාලාව, මෙහි තිබූ අබලන් සොබාවය හේතුවෙන් මෙම සෙනසුනේ පින්වත් ස්වාමින් වහන්සේලා අදහස් කර සිටියා නැවත ක්‍රමවත් ලෙස මෙහි ධාන ශාලාව සැකසීමට , එම ධාන ශාලාව සැකසීමේ අසිරිමත් පින්කම සදහා කාය පූජාවෙන් සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට සම්බන්ද වීමට අවස්තාව උදා වීම මොනතරම් භාග්‍යක්ද,අපගේ හිස මතින් සෙවිලි තහඩු ගෙන යමින් , පරාල අපගේ අතින් ගෙන යමින් අසීමිත කැපවීමේන් මෙම ප්රතිසංස්කරන කටයුතු සදහා දායක වීමට අපට අවස්තාව උදා වූවා .දිනය පුරා කාය පූජාවෙන් ධාන ශාලාව සැකසීම සදහා දායක වීමෙන්ද ස්වාමින් වහන්සේලා උදෙසා උපස්තාන කිරීමෙන්ද රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පලමුවෙන් මෙම ධාන ශාලාව සැකසීමේ පින්කම සදහා ගමන් වියදම් දරමින් මූල්‍යමය දායකත්වය දැරූ දිනූ අක්කා ඇතුලු සියලු දෙනාටද ,සමන්ත මිතුරාටද , රුක්ශිනී අක්කාටද ඇතුලු “සසුන් කෙත අස්වද්දමු” පින්කම් සදහා මූල්‍යමය දායකත්වය ලබා දෙන සියලු මිතුරන්ටද . මේ සදහා අවවාද අනුශාසනා ලබා දෙමින් අපට ධර්මයෙන් අනුග්‍රහ කරන තුන්දොල ආරණ්‍යයේ ලොකු ස්වාමින් වහන්සේටද මෙන්ම මේ සදහා මා සමග පැමිනි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද මෙන්ම පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයො පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා..
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.