සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහාය, ඉතින් පසුගිය දිනක ඉතා අසිරිමත් පින්කමක් ආර්ය මහා සංඝරත්නය මුල් කරගනිමින් සිදු කර ගැනීමට අපට අවස්ථාව උදා වූවා. සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් සකසන කුටි සෙනසුන වෙනුවෙන් අපටත් සම්බන්ධව කුටිය සකසා අතපැන් වත්කොට සංඝරත්නය වෙත ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද, මෙම අසිරිමත් කුටි පූජාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සඳහා අපව සම්බන්ධ කර ගත් මොරගොඩ මේධාලංකාර ස්වාමීන් වහන්සේ ඇතුළු මෙම විහාරස්ථානයේ සියලු ස්වාමීන් වහන්සේලාට ද මෙම පින්කම සිදුකර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය දැරූ,
එවන් අයියාටද,
වජීසා අක්කා හටද,
සමන් කුමාර දෙවමුනි මිතුරාටද,
හේමා වීරකෝන්හටද,
අනුෂා සිරිවර්ධන අක්කාටද,
ලක්මාලි ජයසේකර අක්කාටද,
කල්හාරි අක්කාටද,
කෞෂි රණසිංහ අක්කාටද,
කටාර් මිතුරු කැලටද,
චමින්ද කුමාර අයියාටද,
කුමෝශා අක්කාටද,
දුශ්‍යන්ත චිරාජ් අයියාටද,
රුක්ශිනී අක්කාටද,
මහේෂා අක්කාටද,
කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වය දැක් වූ” සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද ,
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද, පින්කැමති සියල්ලන්ටද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද, සෙව්රංග අයියා ඇතුලු ගමේ සියලු දෙනාට ද මෙන්ම පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර, සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා! මෙම සෙනසුනේ 25 වන ඉරුදින “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැල මගින් සක්මන් මළුවක් සකසා පූජා කිරීමේ අසිරිමත් පින්කමක් සිදු කරන අතර උදෑසන 9.00 සිට මෙම සක්මන් මළුව සැකසීමේ කටයුතු සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීමට පින් කැමති ඔබ සැමට ආරාධනා …!
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.