අර්ය් මහා සඝ රුවන ගැන අසන්න ලැබීමත් මොන තරම් උතුම් කරුණක්ද,අර්ය් මහා සඝ රුවණ දකින්න ලැබීම මොන තරම් උතුම් දසුනක්ද,ඉතින් පසු ගිය දිනක උතුන් හිමිවරුන් උදෙසා අසිරිමත් පින්කමක් හිරාන් මිතුරාගේ මූලිකත්වයෙන් සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට සිදු කිරීමට හැකි වූවා.ධර්මදර , විනය ධර, ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලා රට ධර්මයෙන් සුපෝෂනය කරමින් ධර්මය ප්‍රචලිත කිරීමට යන ගමන් මාර්ගය තුළ පිරිවෙන් අධ්‍යාපනයට හිමිවන්නේ මූලික ස්ථානයකි . එමනිසා ශ්‍රී ලOකාව තුළ අද වනවිට පිරිවෙන් අධ්‍යාපනයට මූලික තැනක් හිමිවිය යුතු වුවත් අත් වී ඇති ඉරණම වන්නේ පිරිවෙන් අධ්‍යාපනය දිනෙන් දින කඩා වැටීමයි .මේ හේතු නිසාම අනාගත පරපුර උදෙසා ධර්මධර භික්ෂූන් වහන්සේලා බිහිකිරීමේ අරමුණින් වහමල් ගොල්ලෑව විහාරස්තානයේදී ගම්මාන අවට පිරිවෙන් අද්යාපනය ලබන සාමනේර හිමිවරුන් 14නමක් උදෙසා අධ්‍යාපණ උපකාරක ද්‍රව්‍ය පූජා කිරීමින් ධර්ම දානමය පින්කමක් හිරාන් මිතුරාගේ මූලිකත්වය ඇතුව සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට සිදු කිරීමට හැකි වූවා,දිනය පුර ස්වාමින් වහන්සේලාට උපස්තාන කරමින් ගිලන් පස පූජා කරමින් අධ්‍යාපනික ද්‍රව්‍ය පූජාවෙන් රැස්කරගත්තාවූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා මූලිකත්වය ගෙන කටයුතු කල පින්වත් හිරාන් මිතුරාටද එම පවුලේ සියලූම දෙනාටද එමෙන්ම පින්කම සදහා කාය පූජාව සදහා පැමිනි සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද එමෙන්ම මෙම පින්කම සම්බන්ද කර දුන් රතන සාර ස්වමින් වහන්සේටද වචනයෙන් පවා උපකාර කල සියලූම දෙනාටම මෙන්ම ඔබ සැමටත් සියලු පින් නිවන් පිනිස හේතූ වේවා, තෙරුවන්සරනයි
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.