දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අප සැමට අතීශය දුර්ලභ පින්කම්ක් සිදුකිරීමට හැකියාව උදා වූවා.විහාර මහා දේවිය විසින් සැකසූ අනුරාධපුර මුල් යුගයේ ඝාණ්ඨාකාර හැඩයෙන් සැකසී පැවති මෙම අසිරිමත් සෑ රජුන් අදටත් අනුහස් පාමින් විරාජමානව වැඩ සිටී, අසිරිමත් දේවගිරි පුරාණ රජමහා විහාරය අතීතයේ විරාජමානව පැවති අසිරිමත් විහාරයක් බව මෙහි අදටත් දැකගත හැකි නටබුන් දාගැබ්,ප්‍රතිමා ගෘහය,හා සෙසු ගොඩනැගිලි මගින් මොනවට සනාත වේ.මරදන්කඩවල ඔස්සේ ගලපිටගල හරහා රිටිගල සෙනසුන වෙත ගමන් ගන්නා මාර්ගයේ මෙම අසිරිමත් දාගැබ සිහිත දේවගිරි විහාරය පිහිටා ඇත, මෙම රිටිගල ආඬියාකන්ද ආරණ්‍ය සෙනසුන වෙත පසුගිය දිනක ගමන් කළ අවස්ථාවේදී වල්බිහි වී ගොස් ගරාවැටී ඇති මෙම සෑ රජුන් දුටු අප ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය සහිතව මෙම සෑරජුන් පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවා.මෙහි මූලික අදියර ලෙස කොත් වහන්සේ මනාව පිරිසිදු කල අතර හතරැස් කොටුවේ ගැලවී ගිය කොටස් මනාව සකස් කලෙමු.එමෙන්ම පාසි බැඳී ගිය ගර්භය සම්පූර්ණයෙන්ම පාසි ඉවත්කර පිරිසිදු කර පේසා වළලු මනාව ක්‍රමවත්ව පිරිසිදුකර කර ක්‍රමවත්ව හුණු පිරියම් කිරීම සිදු කිරීමට අපට හැකි වුවා. මීට වසර ගනනාවකට පෙර ප්‍රතිසOස් කරනයට ලක් වූ මෙම සෑ රජුන් අතීතයේ පිහිටි ඝණ්ඨාකාර හැඩයටම නැවතත් ඉතා ක්‍රමවත් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟින් අප විසින් සැකසීමට බලාපොරොත්තු වන බැවින් අනුරාධපුර මුල් යුගයේ සැකසී පැවතියා වූ ආකාරයටම පිහිටි ගර්භයේ යම් ස්ථාන හුණු පිරියම් නොකරමින් ඒ ආකාරයෙන්ම ඉතුරුකරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මෙහි සංරක්ෂණ කටයුතු සඳහාද අප ඉඩ හසර සලසා දුන්නෙමි,
ඉතින් මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියළුම පුණ්‍ය ධර්මයෝ මෙම සෑ රජුන් ගේ මූලික ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ගමන් වියදම් දරමින් මූලිකත්වය දැරූ පින්වත්
සමීර තිලකසිරි අයියාට
සමන්ත මිතුරාට
ගයාන් අයියාට
යශෝධා නැන්දාට
පද්මා බැද්දගේ නැන්දාට
ම්ජිලින්ද සේපාල අයියාට
සම්පත් බණ්ඩාර අයියාට
නිරෝශා ලක්මාලි අක්කාට
ලක්මාලී ජයසේකර අක්කාට
ප්‍රසන්න ජානාත් අයියාට
රුක්ශ්නී අක්කා හා ශිල්පා අයියාට
එමෙන්ම පින්කම සදහා කාය පූජාව සදහා පැමිනි සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද එමෙන්ම මෙම පින්කම සම්බන්ද කර දී අනුසාසනා කල රිටිගල ආඩියාකන්ද සෙනසුනේ ලොකු ස්වාමින් වහන්සේටද ,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සියලු පිරිසටද , හිත මිතුරන්ටද වචනයෙන් පවා උපකාර කල සියලූම දෙනාටම මෙන්ම ඔබ සැමටත් සියලු පින් නිවන් පිනිස හේතූ වේවා,
චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ අනුසස්
(1)කුෂ්ඨ ,ගඩු ,සුදු කබර. අපස්මාර , අතුල් පතුල් පැලීම ඇඟ කැසීම ආදී රෝග වලින් ආරක්ෂා වීම
(2)කයෙහි තල කැළැල් හට නොගැනීම
(3)මරණින් මතු දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැරිසැරීම
(4)පැහැපත් ශරීර ලැබීම
(5)අමනාප අප්‍රිය දෑ බැහැර වීම
(6)සිත පිරිසිදු වෙයි එකඟ වෙයි මැනවින් සංසිදෙයි
(7)අරහත්වය පිණිස භාවනාට ඉඳගත් පලමු වාරය පටන් මෙම පුණ්‍ය විපාක උපකාරී වේ
ඉදිරියේදී මෙම සෑරජුන් සම්පූර්ණයෙන්ම පිළිසතර කරමින් නැවතත් බුදු සසුනට පූජා කිරීමේ අසිරිමත් පින්කම නොබෝ දිනකින් සිදුවන අතර මෙම සෑ රජුන් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ශ්‍රමයෙන් දායක වීමට කැමති පිංවතුන් මෙන්ම
සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
Leave a Reply
Your email is safe with us.