චිත්තල පබ්බත යනුවෙන් මහාවංශයෙහි ද, චිත්ත විහාර වශයෙන් අටුවා ආදී ග්රන්ථයන් හි ද , චිත්තල පවත යයි ශිලා ලිපි වලද සඳහන්වන මෙම විහාරය සාමාන්‍යයෙන් සිතුල්පව්ව යැයි විවහාර ව පවතී .දැක් පමණින්ම නෙකුගේ සිත් ප්‍රබෝධ කරවන ප්‍රීතියත් සැනසිල්ලක් විවේකයක් ලබා දෙන මනස්කාන්ත දර්ශනයකින්ද නොපෙනෙන ගුප්ත බලයකින් මෙන් සිත් ඇද ගැනීමට සමත් නිසා මේ නාමය එයට ඇති වූයේ යැයි සිතිය හැකිය.අක්කර දොළොස් දහසක් පුරා ලෙන් 1700ක් පමණ අදටත් දැකගත හැකි මීට අවුරුදු දෙදහස් දෙසිය ඉපැරැණි අතීතයකට දිව යන මෙම පුදබිම කාවන්තිස් රජ දවස සහ දේව මහරහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා 12000 වෙත සංඝාවාස ,පොහොය ගෙය , උපෝසථාගාර, ගිලන්ගේ, ධර්ම මන්ඩප, ලින් පොකුණු,වැව් අමුණු ධාණ්යා ගාර, ධර්ම මන්ඩප ,ලෙන් කුටි සක්මන් මලු සහිතව අOග සම්පූර්ණව සකසා නායක හිමි වරුන් වෙත අතපැන් වක්කොට සඝ සතුකොට පූජා කල බව ශිලා ලේඛණයන් හි සනාත වේ ,දුටුගැමුණු සද්ධාතිස්ස රජවරුන් ප්රමුඛ සිංහල දීපය තුළ පහළ වූ සියලු රජවරුන් සිතුල්පව්ව පුදබිමේ වැඩ සිටියා වූ රහතන් වහන්සේලා වෙත දන් පැන් පූජා කරමින් මේ අසිරිමත් පුදබිම සුපෝෂනය කරමින් රැක ගත් බව සෙල්ලිපි 27කින් සනාථ කර ඇත ,මෙහි මූලික වශයෙන් මහ සිතුල් පව්ව හා කුඩා සිතුල් පව්ව යයි පර්වත දෙකක් පවතී…
මෙම සෙනසුනේ පින්වත් ස්වාමින් වහන්සේලා 15 පමණ වෑඩ වාසය කරණ අතර ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරමින් ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගතකරමින් හුදකලාව බවුන් වෑඩීමට ඉතාමත් සුදුසු පින්බිමකි මෙම සිතුල් පව්ව වන සෙනසුන .වන පෙත තුල, කුටි තුල, තෑනින් තෑන පිහිටි ගල් තලා මත භාවනා කටයුතු සුවපහසුලෙස සිදුකරගෑනීමටද , මෑසි මදුරන් ආදී වනයේ සිටින කෘමි සතුන්ගෙන් ආරක්ෂා වී නිවන් මාරගයේ වෑඩීම පහසු වීම සදහා භාවනා මදුරු දැල් (meditation nets) පින්වත් ස්වාමින් වහන්සේලාට පූජා කරගෑනීමේ අවස්තාව අප සෑමට උදාවිය .සඝ ගුන සිහිකරමින් උන් වහන්සේලාට බොහෝ කාලයක් හිත සුව පිනිස පවතීවා යන අදහසින්ම කළන මිතුරන් සමගින් එක් වී මෙම භාවනා මදුරු දැල් 12 පූජා කලෙමු…කුඩා සිතුල් පව්ව සෑ හුණු පිරියම් කිරීමට සමගාමීව සිදුකල මෙම පුන්ණ්ය භුමිය වන්දනාවෙන් , විහාරය වන්දනා කිරීමෙන් ,ධර්ම පුස්තක පූජාවෙන් , බෙහෙත් පූජාවෙන් නා නා පුජා පෑවෙත්විමෙන් මෙන්ම දෑලකින් කරන ලද කුටි (meditation nets) 12 ක් පූජාවෙන් රෑස්වූ සියලූම පුන්‍ය ධර්මයෝ මෙම භාවනා මදුරු දැල්
7ක් ලබා දුන් දක්ශික ජයතිලක අයියාටද
එමෙන්ම
සමන්ත මිතුරාටද
ජූඩ් මිතුරාටද
චාමිනී පෙරේරා මිතුරිටද
රසික මිතුරාටද
dropsi de dalio මිතුරියටද
එමෙන්ම ධරම පුස්තක පූජාකල පින්වත් එවන් අයියා ඇතුලු සියලු දෙනාටද
හුණු පිරියම් කිරීම පිනිස උප්කාර කර අනුරුද්ධ අයියා සුජීව අක්කා ඇතුලු සියලු දෙනාටද ,වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාට ද පින් කැමති ඔබ සියලු දෙනාට ද නිවන් අවබෝධ වීම පිණිස ම සියලු පින් උපකාර වේවා.
එමෙන්ම් විහාරාදි පති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි තවත් නොබෝ දිනකින් සිතුල්පව්ව ප්‍රදාන ස්තූපයේ හුණු පිරියම් කිරීමද සිදු කරන අතර එම පින්කමට හා සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග
Leave a Reply
Your email is safe with us.