සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් බුද්ධත්වයට සපැමිණි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත් ද දෙව්,බඹ ,නා පිරිසගේ වන්දනාමානයට පාත්‍ර වන අපගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කියා නිම කළ නොහැක..ඉතින් ගම් දනව් සිසාරා විහාරස්ථාන ගොඩනගමින් ශාසනය වෙනුවෙන් ඇප කැපවී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට කදුමුදුනක පිහිටි අසිරිමත් කියාඩුව වන සෙනසුන වෙත කර තබමින් ,දහඩිය වගුරවමින් කාය පූජාවෙන් වෙහෙස මහන්සි වී බුදු පිලිම වහන්සේ වැඩම කිරීම ඉතාමත් ශ්‍රද්ධාවෙන්ම සිදුකරන ලදී.කන්ද තරනය කරන අතර තුර අපගේ ජීවිත පූජාවෙන් ගල් මත වැටෙමින් ,හෙළවල් මතට පය ලිස්සා යමින් , මුල් උඩ පැටලෙමින් නොයෙකුත් බාධා මද්‍යයේ බුදුරජාණන්වහන්සේට කිසිම සීරීමක්වත් සිදු නොවන ලෙස අපගේ දිවි දෙවැනි කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කිරීමට ලැබීම අපගේ භාග්‍යයක්මය.මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ ඉතා ශ්‍රද්ධාවෙන් තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දනයෙන් පිළිම වහන්සේ පූජා කරීම සිදුකල පින්වත් ජනක මිතුරාටද (path nirvana) , පින්වත් ජනක මිතුරාගේ දෙමවිපියන් ඇතුලු එම පවුලේ සැමටද , එමෙන්ම මෙම පින්කම සදහා සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල සම්බන්ද කර ගත් රුවන් චාමර මිතුරාටද ,එමෙන්ම මෙම බුදු පිළිම වහන්සේ වැඩම කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් සලසා දී දායකත්වය දැරූ නිරන්ජ් හේවගේ ,ලක්මාලි ජයසේකර කාOචන අයියාටද , මදුර සහ දිල්කි දෙපලටද එමෙන්ම මෙම බුදු පිළිම වහන්සේ වැඩම කිරීම සඳහා සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු අප මිතුරු කැලටද පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා.මෙම පිළිම වහන්සේ බොහෝ කාලයක් පින්වත් ජනයාගේ හිත සුව පිණිස. කුසල් සිත් ජනිත කිරීම පිණිස, බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම පිණිස සුවසේ වැඩසිටීවා…මෙම සෙනසුනේ ප්‍රදාන අඩුවක් බවට ස්වාමින් වහන්සේලාට වැඩ හිදීම පිණිස කුටියක් නොමැති වීම බලපා ඇති අතර , අප ඉතා ඉක්මනින් ස්වාමින් වහන්සේලා වෙනුවෙන් කුටියක් සැකසීමට අද දින බාරගත් අතර එම පින්කමටද සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා සම්බන්ද වීමට එක් වන්න අප සමග















































Leave a Reply
Your email is safe with us.