අලි , කොටි, වග වලසුන් ආදී සිව් පා සතුන්ගෙන් ගහන වූ බූන්දල රක්ෂිතයේ පිහිටා ඇති මෙම අසිරිමත් වන සෙනසුන ගෝඨාභය රජ දවස දක්වාම නෑකම් කියයි,මහා සුමණ මහ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා දහස් ගනනින් වැඩ සිටි මෙම භූමියේ අදටත් ඉපැරණි නටබුන් වී ගිය ගල් ලෙන් 200 පමණ බූන්දල රක්ශිතය පුරාවට දැක ගත හැක,මෙම වෙහෙරගල වන සෙනසුන සිල්ගුණ දම් පුරණ පින්වත් ස්වාමින් වහන්සේලා මෙන්ම ආගන්තුක ස්වාමින් වහන්සේලාගේද නිරන්තර තෝතැන්නක් බවට පත් වන්නේ මෙහි ඉතාමත් නිස්කලOක මෙන්ම අති සුන්දර රමණීය පරිසරයක් පිහිටා තිබීම නිසාමයි,හුදකලා නිවන්මග වඩින ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප හට උදා වන්නේ අප පෙර සසරේ සිදුකල පිනක් නිසාමයි.දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට ඉතාමත් අසිරිමත් දුර්ලභ පින්කමක් හම්බන්තොට වෙහෙරගල වනසෙනසුනේ සිදුකර ගැනීමට හැකි වූවා,හිත සමාහිත වීමට ප්‍රධාන ලෙස උපකාරී වන ඉරියාපත භාවනාවේ ප්‍රධාන භාවනා අන්ගයක් වන සක්මන් භාවනාව සිදුකිරීම සදහා උපකාරිවන සක්මන් මලුව සැකසීමේ මූලික අදියර අපට සාර්තකව සිදුකිරීමට හැකි වූවා .කෑලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සදහා මනාව සකස්කල සක්මන් මලු භාවනා කටයුතු දියුනු කරගෑනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ.අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ විතර්ක භාවනාව ලෙසද හදුන්වා ඇත, සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත් ආවර්ජනය කිරීමටද මෙම සක්මන මනාව උපකාරී වේ.,භාවනාව ප්‍රගුණ කර වැඩි හිටි ස්වාමින් වහන්සේලා උදෙස දිගිනි වැඩි මෙම මහා තේර සක්මන් මලුව වඩාත් උපකාරී වන අතර , භාවනාවට ආදුනික යෝගාවචරයන් වහන්සේලා බොහෝ වේලාවට භාවිතා කරනුයේ සාමාණ්‍ය සක්මන් මලුවේ,දිග වැඩි වීම චිත්ත ඒකාග්‍රතාව බොහෝ වේලාවක් පවත්වා ගැනීමට ආගන්තුක හිමි වරුන් හට අපහසු වීමයි, ඉතින් දිනය පුරා ම වෙහෙස මහන්සි දුර බැහැර සිට වැලි සිමෙන්ති ,ගල්, කදු මුදුනට ගෙනවිත් බුදුගුණ සිහිකරමින්ම කාය පූජා සිදුකලෙමු, මනාව ශක්ත්මත් ලෙස සකසා වැලි අතුරා තීන්ත ආලේප කර සඝ සතු කොට මෙම සක්මන භාවනා ආසනද සහිතව ශ්‍රද්ධා සිතින් පූජා කිරීමට අපට හැකි විය.
මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම සක්මන් මලුව සැකසීම සදහා ගමන් පසුකම්ද ඇතුලුව 60000ක පමණ මුදලක් සදහා මූල්‍යමය දායකත්වය දැරූ
ජයෝද් නයන අයියාටද
සOජය අයියාටද
නිලින්දු මුතුබණ්ඩාර අක්කාටද
ඩ්‍රොප්සි මිතුරියටද
යශෝදා නැන්දාටද
චෙමී මිතුරියටද
දුශ්‍යන්ත චිරාජ් අයියාටද
රුක්ශිනී අක්කා හා ශිල්පා අයියාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
මහේශා දිසානායක අක්කාටද
තරින්දු අන්ජන මිතුරාටද
සමන් සුගත් කුමාර අයියාටද
සිත්මල් අයියාටද
චන්ද්‍රිකා අක්කාටද
චෙමී සහ ඩිලාන් දෙපලටද
මේ සදහා බොහෝ මහන්සි වී අච්චුව සැකසූ පින්වත් උජිත් අයියාටද
මෙන්ම කාය පූජාවෙන් දසවන සක්මන් මලුව සැකසීමට සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද ,ම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර වෙහෙරගල විහාරාධිපති පින්වත් නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේටද,ඉන්දාලෝක ස්වාමින් වහන්සේටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477






























































Leave a Reply
Your email is safe with us.