දුටුවන්ගේ නෙත් සිත් වශී කෘත වන බුද්ධාලම්බන ප්‍රීතිය මිනිසුන්ගේ හද මඩල තුළ ජනිත කිරීමට උපකාර වන ධර්ම චක්‍ර මුද්‍රාවෙන් යුක්ත නිල් මාණික්‍යන්ගෙන් නේත්‍රා සකසා සුදු රත්රන් යොදා ඌර්ණ රෝම ධාතූන් වහන්සේ තැන්පත් කර සකස් කළ අඩි 5ක් උසැති මෙම අසිරිමත් බුදු පිළිම වහන්සේ යාපනය සරසවි බෞද්ධ පරිශ්‍රය වෙත වැඩම කිරීමට පෙරාතුව රුවන්වැලි මහා සෑය වෙත වැඩම කරන ලදී. දහස් ගණන් දෙනා දොහොත් මුදුන් තබා කඳුලු පිරි දෙනෙතින් වන්දනා කරමින් හඬ නගා බුදු ගුණ සජ්ජායනා සිදුකරන විට මා සිතටනම් හැඟුනේ රුවන්වැලි සෑ භූමියට නැවතත් භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ බවයි. ඉතින් එම පින්කම සිදුකර වසර දෙකක් සපිරෙන මොහොතේ නැවත එම පින්කම ඔබ සැමට මෙත් සිතින් අනුමෝදන් කරමි.
දිනය පුරා රැස් කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පිළිමය සැකසීම සඳහා වැය වූ ලක්ෂ තුනක් වූ මුදල සඳහා සම්පූර්ණ දායකත්වය දැරූ කුවේට් හි පදිංචි පින්වත් ශාමා පෙරේරා අක්කා ඇතුලු එම පවුලේ සියලු දෙනාට ද , මේ බුදු පිළිම වහන්සේ උදෙසා සළුපිළි පූජාවක් කළ ඉෂාරා අක්කා ඇතුලු පිරිසට ද , මෙම පින්කම සඳහා අපව දැනුවත් කර අපව ද සම්බන්ධ කරගත් මෙම ප්‍රදේශයේ මහත් සාසනික සේවාවක් කරන පින්වත් සාලිය සම්පත් ඇතුලු යාපනය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සමිතියේ සියලු දෙනාට ද , එහි ඉගෙනුම ලබන සියලු දූ දරුවන්ට ද , අප්‍රතිහත කැපවීමකින් කාය පූජාවෙන් ද සම්බන්ධ වී ප්‍රවාහන වියදම් සඳහා දායකත්වය දැරූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා !
තෙරුවන් සරණයි !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
Web Site :- https:// www. sasunketha.org
Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu
Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.