සතර දිගින් වඩින ආර්ය මහා සඝ රුවන සිහිරමින් කුටි සැකසීම කොතරම් අගනේද , ඉතින් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල සාසනයේ උන්නතිය තකා සසුන් කෙත අස්වදදමු පින්කම් මාලාවේ තවත් එක් පරිච්චේදයක් පෙරලමින් ස්වාමින් වහන්සේලා උදෙසා සුව සේ වැඩ වාසය කිරීමටද, ධර්මය ප්‍රගුන කිරීම පිණිසද කාය පූජාවෙන් කුටි සැකසීම සදහා සම්බන්ද වීමේ භාග්‍ය අප හට උදා වූවා ….
කුටි සැකසීමේ ආනිසංස
(සීතසං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච සිරිසංපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨීයෝ)
සීතලෙන් වෙන පීඩා වළකිනවා, උණුසුමෙන් වෙන පීඩා වළකිනවා, නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා, බඩ ගාන සර්පයන් ගෙන් වෙන පීඩා වළකිනවා, මදුරුවන්ගෙන වෙන පීඩා වළකිනවා, පිනී බෑමෙන් සිදුවන පිපත්ති වළකිනවා, වර්ෂාවෙන් වෙන පීඩා වළකිනවා,
(තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී ලේනත්ථඥච සුඛත්ථඥ්ච ඣායිතුච විපස්සිතුං)
නපුරු දැඩි සුළගින් වෙන පීඩා වළකිනවා, දැඩි අවු රශ්මියෙන් වෙන පීඩා වළකිනවා, ඒ කුටි සේනාසනය තමංට කාල විවේකයෙන් යුතුව සීල-සමාධී-ප්‍රඥා පුරණය කරගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා, එම සේනාසනය සිවු ඉරියවුවේම සමථ,විදර්ශනා භාවනා සැපය උපදවාගන්න හේතු වෙනවා,ධ්‍යාන-අභිඥා අපදවා ගන්න උපකාර වෙනවා,විදර්ශනා ඥාණ දියුණු කරගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා.
දිනය පුරා කාය පූජාවෙන් කුටි සැකසීම පිනිස දායක වීමෙන්ද , ධානය පූජා කිරීමෙන්ද ජල පෙරනයක් පූජා කිරීමෙන්ද ස්වාමින් වහන්සේලා උදෙසා උපස්තාන කිරීමෙන්ද රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ පලමුවෙන් මෙම කුටි සැකසීමේ පින්කම සදහා මූල්‍යමය දායකත්වය දැරූ
තමරා නැන්දාටද
කසුන් මිතුරාටද
දුශාන් මිතුරාටද
නිශාදී අනුශ්කා අක්කාටද
ජනක සමන්ද අයියාටද
ඇතුලු “සසුන් කෙත අස්වද්දමු” පින්කම් සදහා මූල්‍යමය දායකත්වය ලබා දෙන සියලු මිතුරන්ටද . මෙන්ම මේ සදහා මා සමග පැමිනි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද මෙන්ම පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයො පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා. ඉතින් බොහෝ කාලයක් මහන්සි වූවා , ඇලිපිටිය අසපුවේ සත් බුදු රජාණන් වහන්සේලා වැඩ සිටීම පිනිස සැකසූ ආසන අද දින පූජා කෙරෙන අතර එම පින්කම ඇතුලු සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්අමතන්න. ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.