ගම් දනව් සිසාරා විහාරස්තාන ගොඩ නගමින් බුදු සසුන නගා සිටුවීම පිණිස ඇප කැප වී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල හට සිදුකර ගැනීමට හැකි වූ අසිරිමත් පින්කමකි පෙරිමියන්කුලම අනගාරිකා ආරණ්‍යයේ වැඩ සිටින මෑණිවරුන් හට වැසිකිලි වලක් බොහෝ වෙහෙස මහන්සි වී කපා මනාව සකස් කර පූජා කිරීමට හැකිවීම,සිල් ගුණ දම් පුරමින් නිවන් මගෙහි වඩන සිව්වනක් පිරිස වෙත සිව් පසයෙන් උපකාර කිරීමට ලැබීම මොනතරම් වාසනාවක්ද ,නිවන් මාර්ගයේ වැඩීම පිනිස අවශ්‍ය ප්‍රත්‍ය ගිහි පිරිස ලෙස අප සිව්වනක් පිරිස හට ලබා දී ජනිත වන පින අපගේ නිවන් මගටද මනා රුකුලකි,දහසක් විහාරස්තාන ගොඩ නගමින් සසුන් කෙත අස්වද්දමු තේමාව පෙරදැරිව සිදුකරන්නා වූ මෙම අසිරිමත් පින්කම් මගින් බුදු සසුන තව බොහෝ කාලයක් විරාජමානවම වැඩ සිටීවා, දිනය පුරා කාය පූජාවෙන් ආරණ්‍ය පවිත්‍ර කර වැසිකිලි වල කපා විහාර භූමිය මනාව සකස් කිරීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා මූලිකත්වය දරා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත් සුමුදු මල්වැන්න අක්කාටද එමෙන්ම
නිරෝෂ් මිතුරාටද
පද්මා බැද්දගේ අක්කාටද
කසුන් මිතුරාටද
රුක්ශිනී ශිල්පා දෙපලටද
මහේෂා අක්කාටද
ඔසන්දි චිරන්තා අක්කාටද
වජීසා අක්කාටද
ජීවනී කොස්තා අක්කාටද
පින්කම සම්බන්ද කර දුන් ප්‍රදීප් අයියාහටද, නම් සදහන් නොකල සියලු දෙනාටද ,කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද ,එමෙන්ම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර අනගාරීකා මෑණිවරුන් හටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා….
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.