එක්තරා දිනක මාගේ දුරකතනය වෙත අක්කා කෙනකු කතා කර මට දැනුවත් කරා මල්ලී නිති පින්වැඩෙන පින්කමක් කරන්න කැමති බව , මා අක්කා හට දැනුවත් කරා පැන් පූජාවක් වැනි දෙයක් කරන්න පුලුවන් එක්තරා විහාරස්තානයක තියෙන ජල ගැටලුව නිරාකරනය කරන්න ජලය රදවා තබා ගන්න වතුර ටැංකියක් පූජා කල හැකි බවත්, ඒ සදහා ලීටර 10000 ටැංකිය සදහා රු120000 පමන මුදලක් වැය වන බවත් දන්වා සිට්යා , නමුත් මා අක්කා හට ප්‍රකාශ කරා අක්කේ මෙම පින්කම සිදුකිරීමට වන්නේ සසුන් කෙත අස්වද්දමු මෙම මාසයේ අප භාරගත් පින්කම් අවසානයේ බව,නැවතත් පසු දින ඒ අක්කා එම පින්කම ඉක්මනට කරන්න පුලුවන්ද කියා මගෙන් අසා සිටියදී මා ඒ අක්කාට ප්‍රකාශ කරා බාරගත් පින්කම් අවසානයේ එම පින්කම් කරන්නම් කියා, තවත් දින දෙකකට පසු එම අක්කා නැවත අමතා මුදල් දමා තියන්නම් මල්ලිලා පින්කම සිදුකරන්න කියා ප්‍රකාශ කරා නමුත් මෙම එම වතුර ටැංකිය පූජා කිරීමට නොහැකි වන නිසා මම ගිණුම් අංකයක් ලබා දුන්නේ නැත , එම නිසා පසුදින එම අක්කා මා හට දන්වා සිටියා “මල්ලී නිති පින්වැඩෙන පින්කම්ක් මා හට සිදුකර ගැනීමට අවශ්‍යයි මා පිලිකා රෝගී තත්වයක පවතින බැවින් මාගේ ජීවිතය කෙටි කාලයයි පවතින්නේ ” යයි මා හට දැනුවත් කර සිටියා,ඒ ප්‍රකාශය ඇසූ සැනින්ම මම ප්‍රකාශ කරා අපි මේ සතියේම එම පින්කම කරන්නම් කියා.
ඉන් පසු අපගේ සසුන් කෙත අස්වද්දමු කලණ මිතුරු කැලටද මෙය දැනුවත් කර දිය මත ඇදි ඉරක් මෙන් අස්තීර වූ මෙම ජීවිතයේ අනිත්‍ය ධර්ම තාවද සැම දෙනාම සිහිකරමින් අප මෙම පින්කම සිදුකිරීමට අදිටන් කර මහනුවර දිස්ත්‍රික්කය තෙල්දෙණිය මැතිවරණ කොට්ටාශයේ සඳසිරි දුනුවිල ග්‍රාමයේ සඳගිරි පුරාණ විහාරස්ථානය නොහොත් සඳගිරි තපෝවන පිරිවෙන් විහාරස්ථානය වෙත අප්‍රේල් 15 ව්න දින පිය නැගූහ.ඉතාම දුශ්කර ගමනකි , අපට කදු මුදුනට වතුර ටැංකිය ගෙන යාමට ඇත,27 දෙනාම දි වි දෙවනි කොට බුදු ගුණ සිහිකරමින් කදු හෙල් අතර දහඩිය වගුරවමින් කාය පූජාවෙන් වෙහෙස මහන්සි වී ඉතාමත් ශ්‍රද්ධාවෙන්ම කන්ද තරනය කරන අතර තුර අපගේ ජීවිත පූජාවෙන් ගල් මත වැටෙමින් ,හෙළවල් මතට පය ලිස්සා යමින් , මුල් උඩ පැටලෙමින් නොයෙකුත් බාධා මද්‍යයේ වතුර ටැංකිය කිසිම හානියක් සිදු නොවන ලෙස පැන් පූජාව සදහා මෙය ගෙන යාමට ලැබීම භාග්‍යකී ,,ස්වාමින් වහන්සේලා 35 නමක් පමන වැඩ වසන මෙම විහාරය වෙත සිදුකරන ලද මෙම අසිරිමත් පින්කමෙන් ජනිත සියලූම පුණ්‍ය ධර්මයෝ පලමුව මෙම පින්කම සදහා රු 120000 සම්බන්ද කර දී මෙම පින්කම සිදුකල ශානිකා ප්‍රනාන්දු අක්කා හටද එම අක්කාගේ සියලූ රෝගී තත්වයන් සුව වී නිරොගී බව උදා වීම පිණිසද ,
එමෙන්ම මෙයට අවශ්‍ය බට හා ප්‍රවාහන පහසුකම් සදහ රු 40000 පමන මුදලක් සම්බන්ද කර දුන් පින්වත්
- දිනිති පීරිස් අක්කාටද
- අරුණ ප්‍රියදර්ශන අයියාටද
- තමරා රණතුංග නැන්දාටද
- බානු පීරිස් අයියාටද
- කසුන් මල්ලිටද
- සුචරිත් තුශාර අයියාටද
- නෙරන්ජි හේවගේ අක්කාටද
- බුද්ධික අරුණශාන්ත මිතුරාටද
- අනුශාසනා කරමින් මෙම පින්කම සදහා උපකාර කල කලුගල සුදම්ම ස්වාමින් වහන්සේ ඇතුලු මෙම විහාරයේ සියලු ස්වාමින් වහන්සේලාටද
- වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා….
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.