30 වසරක කුරිරු යුද්දයක් නිමොකොට උතුරු පලාතේ ආගමික පුනරුදයක් ඈතිකිරීම සදහා වෙහෙස මහන්සිවන අපේ රණවිරුවන්ට අප සැම සදා ගෞරව කල යුතුවේ .උතුරු පළාතේ ආඥපති පින්වත් දර්ශන හෙට්ටිආරච්චි මැතිතුමා සමගින් ත්‍රිවිධ හමුදා සෙබළුන් සමඟ ධාතූන් වහන්සේලා රැඳී දා කරඩුන් වහන්සේ ද රැගෙන ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ දෙවනිවරට ලක්දිව පාද ස්පර්ශ කළා වූ නාගදීප පුදබිම වෙත ඉතාම ශ්‍රද්ධාවෙන් ගමන් කර අනේක විධ පූජාවන් වන කංචුක පූජාවන් , පිරිකර පූජාවන්,මල් පූජාවන් යුද හමුදාව සමගින් සිදුකර අසිරිමත් ධාතු ප්‍රදර්ශනයක් නාගදීප සෑ මළුවේ දී සිදු කරමින් බොහෝ පින්කම් රාශියක් සිදු කරගැනීමට සසුන්කෙත අස්වද්දමු මිතුරු කැලට අවස්ථා උදා වූවා.මුලු උතුරු කරයම සදහම් අමා වෑස්සෙන් වෙසක් සතිය පුරාවටම තෙමෙනු වස් ලබන සතියෙ යාපනයේ අසිරිමත් වෙසක් කලාපයක්ද සිදුකිරීමට යුද හමුදාව සමගින් අප කලණ මිතුරන් අදහස් කර ඇත,ඒ සියලු කටයුතු සාර්තක වේවා,දිනය පුරාම රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා දායකත්වය දැරූ පින්වත්
දිනිති පීරිස් අක්කාටද
ලක්මාලී ජයසේකර අක්කාටද
රුක්ශීනී හා ශිල්පා දෙපලටද
වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද ,රට රකින සියලු රණ විරුවන්ටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා..
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.