සිවි දිශාවෙන් වඩින ආර්ය මාහා සඝ රුවන වෙත කුටියක් තනවා පූජා කිරීමට ඇත්නම් එය මොනතරම් පිනක්ද,ඕමානයේ වාසය කරන සුනෙත් ජයසින්හ අයියාගේ මූලිකත්වයෙන් තැනෙන මෙම අසිරිමත් කුටිය මේ වන විට අවසන් අදියරේ පවතී , මේ සදහා දැනට 310000 මුදලක් සම්බන්ද කර දී ඇති නමුදු මෙහි වැඩ අවසන් කිරීම පිණිස තවත් 90000 පමණ මුදලක් වැය වේ,තව නොබෝ දිනකින් මෙහි වැඩ අවසන් කර මෙම කුටිය අත පැන් වක්කර අර්ය් මහා සඝ රුවනට පූජා කීරීමට නියමිතයි , ඒ සදහා කුටියේ වැඩ අවසන් කිරීම පිණිස පින්කැමති ඔබටද දායකත්වය දැරිය හැක ….
කුටි සැකසීමේ ආනිසoස
(සීතසං උණ්හං පටිහංතේ තතෝ වාලමිගානි ච සිරිසංපේ ච මකසේ සිසිරේ චාපි චුට්ඨීයෝ)
සීතලෙන් වෙන පීඩා වළකිනවා, උණුසුමෙන් වෙන පීඩා වළකිනවා, නපුරු සතුන්ගෙන් වෙන පීඩා වළකිනවා, බඩ ගාන සර්පයන් ගෙන් වෙන පීඩා වළකිනවා, මදුරුවන්ගෙන වෙන පීඩා වළකිනවා, පිනී බෑමෙන් සිදුවන පිපත්ති වළකිනවා, වර්ෂාවෙන් වෙන පීඩා වළකිනවා,
(තතෝ වාතාතපෝ ඝෝරෝ සඥ්ජාතෝ පටිහඥ්ඥතී ලේනත්ථඥච සුඛත්ථඥ්ච ඣායිතුච විපස්සිතුං)
නපුරු දැඩි සුළගින් වෙන පීඩා වළකිනවා, දැඩි අවු රශ්මියෙන් වෙන පීඩා වළකිනවා, ඒ කුටි සේනාසනය තමංට කාල විවේකයෙන් යුතුව සීල-සමාධී-ප්‍රඥා පුරණය කරගැනීමට ආරක්ෂා ස්ථානයක් වෙනවා, එම සේනාසනය සිවු ඉරියවුවේම සමථ,විදර්ශනා භාවනා සැපය උපදවාගන්න හේතු වෙනවා,ධ්‍යාන-අභිඥා අපදවා ගන්න උපකාර වෙනවා,විදර්ශනා ඥාණ දියුණු කරගෙන මගඵල නිවන් සුව සාක්ෂාත් කරගන්න උපකාර වෙනවා.
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.