” දහසක් විහාරස්ථාන ගොඩනගා සසුන් කෙත අස්වද්දමු ” තේමාව යටතේ ඇහැටුවැව පබ්බතාරාම සේනාසනය වෙත ත්‍රිපිටක පොත් පූජා කරමින් විහාරස්ථානයේ පින්වත් ස්වාමින් වහන්සේලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාරා පින්වත් මිනිසුන් වෙත නිර්මල සද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරී වන ත්‍රිපිටක පොත් සහ අටුවා ග්රන්ථ පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි. මෙහි විශේෂම කාරණාව වන්නේ මෙම අසිරිමත් ධර්ම දාන පින්කම සඳහා ගම්මානයේ සියලු ගම් වැසියන්ම සම්බන්ධ කර ගැනීමට හැකි වීමයි. මෙහි දැනට ස්වාමින් වහන්සේලා හතර නමක් පමණ වැඩ වාසය කරන අතර මෙහි උග්‍ර අඩුපාඩුවක් බවට පත් වී තිබූයේ මෙම ත්‍රිපිටක පොත් කට්ටලයන්ගේ හිඟයයි. ඉතින් එම අඩුපාඩුව සපුරාලමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුගුණ සජ්ඣායනා කරමින්ම ධර්ම දානය කිරීම පිණිස, එම විහාරස්ථානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත්, සම්බුද්ධ සාසනයේ උන්නතිය උදෙසාත් , උන් වහන්සේලා කළ ඉල්ලීම පරිදි අපට හමු වූ මෙම විහාරස්ථානයට කළ මේ ධර්ම දානය බෙහෙවින් මින් ඉදිරියට මහා සංඝරත්නයත්, සම්බුද්ධසාසනයටත් මහත් ප්‍රයෝජනවත් වන බව නිසැකවම කිව හැක.
විහාරය වෙත පාගමනින් ත්‍රිපිටක සහ අටුවාව පොත් වැඩම කරමින්, පූජා කරමින්, ගමේ සියලූ දෙනාට ද පින්කරගැනීමේ දුර්ලභ අවස්ථාව උදා කරමින් දිනය පුරා රැස්කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සඳහා එක් ලක්ෂ පනස්දහසක මුදලක් සම්බන්ධ කර දෙමින් ත්‍රිපිටක පොත් කට්ටලය ද එම ප්‍රවාහන පහසුකම් සලසා දෙමින් ඒ සදහා මූලිකත්වය ගත් කාංචන ගංගානාත් බෝපිටිය අයියාට ද , එමෙන්ම දිනිති පීරිස් අක්කාට ද මෙන්ම අටුවාව ලබා ගැනීම පිණිස දායකත්වය දැරූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලේ සියලු මිතුරන්ටද , “සසුන්කෙත අස්වද්දමු” පින්කම් සඳහා මූල්‍යමය දායකත්වය දරණ සියලුදෙනාට ද “සසුන්කෙත අස්වද්දමු” අප මිතුරු කැළට ද වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසට ද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාට ද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා..! තෙරුවන් සරණයි ….. ! නමෝබුද්ධාය….. ! සාදු සාදු සාදු ……!
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.