දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ ඇහැටුවැව ශ්‍රී ගෝතම පුණ්‍යවර්ධන ලෙනගිරි සේනාසනය වෙත ත්‍රිපිටක පොත් පූජා කරමින් විහාරස්තානයේ පින්වත් ස්වාමින් වහ්ස්ලාගේ ධර්ම ඥානය වර්ධනය කරගනිමින් ගම් දනව් සිසාර පින්වත් මිනිසුන් වෙත නිර්මල සද්ධර්මය දේශනා කිරීමට හේතු උපකාරි වන ත්‍රිපිටක පොත් සහ අටුවා ග්‍රන්ත පූජාවක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් සිදුකර ගැනීමට අපට හැකි වීම භාග්‍යක්මයි.මෙහි විශේෂම කාරණාව වන්නේ මෙම අසිරිමත් ධර්ම දාන පින්කම සදහා මුලු සම්බන්ද කර ගැනීමට හැකි වීමයි. මෙහි දැනට ස්වාමින් වහන්සේලා හතර නමක්පමණ වැඩ වාසය කරන අතර මෙහි උග්‍ර අඩුපාඩුවක් බවට පත් වී තිබූයේ මෙම ත්‍රිපිටක පොත් කට්ටලයන්ගේ හිගයයි. ඉතින් එම අඩුපාඩුව සපුරාලමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් බුදුගුණ සජ්ඣායනා කරමින්ම ධර්ම දානය කිරීම පිණිස, එම විහාරස්තානයේ වැඩ වසන ස්වාමීන් වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත්, සම්බුදධ සාසනයේ උන්නතිය උදෙසාත් , උන් වහන්සේලා කල ඉල්ලීම පරිදි අපට හමු වූ මෙම විහාරස්තානයට කල මේ ධර්ම දානය බෙහෙවින් මින් ඉදිරියට මහා සංඝරත්නයත්, සම්බුද්ධසාසනයටත් මහත් ප්‍රයෝජනවත් වන බව නිසැකවම කිව හැක .විහාරය වෙත බොහෝ දුරක් පාගමනින් දා කරඩුවද වැඩම කරමින් ත්‍රිපිටක සහ අටුවාව පොත්ද පූජා කරමින් ගමේ සියලූ දෙනාටද පින්කරගැනීමේ දුර්ලභ අවස්තාව උදා කරමින් දිනය පුරා රැස්කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මේ සදහා එක ලක්ශ්ය පනස්දසක මුදලක් සම්බන්ද කර දෙමින් ත්‍රිපිටක පොත් කට්ටලයද එම ප්‍රවාහන පහසුකම් සලසා දෙමින් ඒ සදහා මූලිකත්වය ගත් කාන්චන ගංගානාත් බෝපිටිය අයියාටද , එමෙන්ම දිනිති පීරිස් අක්කාටද මෙන්ම අටුවාව ලබා ගැනීම පිණිස දායකත්වය දැරූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලේ සියලු මිතුරන්ටද , සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූල්‍යමය දායකත්වය දරන සියලුදෙනාටද .සසුන්කෙත අස්වද්දමු අප මිතුරු කැළටද . වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.. තෙරුවන් සරණයි ….. ! නමෝබුද්ධාය….. ! සාදු සාදු සාදු …… ! සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන් අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.