නව අරහාදී බුදුගුණ වලින් සමන් විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලෑබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජානන් වහන්සේ උදෙසාම නේද, හතලිස් පස් වසරක් මේ දරණී තලයේ ගම් නියම් ගම් සෑරිසරා මනුසත්වයන් සසර දුකින් එතර කිරීමට කටයුතු කරේ එ උන් වහන්සේ මහ කරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේට අපගේ අතින්ම අනේකවිද මල් පූජාවන් සිදුකිරීමට ලැබීම මොන තරම් අසිරිමත් පිනක්ද,බුදුරජාණන් වහන්සේගේ ශීලය සිහිකරමින් නව අරහාදී බුදු ගුණ සිහිකරමින් බුදුරජාණන් වහන්සේට අපගේ අතින්ම මල් පූජාවන් පූජා කරනවා යැයි සිතා ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා තෑන්පත් උතුම් ස්වර්ණ්මාලි මහා සෑ රජුන් උදෙසා මනරම් පූජාවන් හිත මිතුරු පිරිස සමග එකි වී පසුගිය දිනක සිදුකරනු ලෑබුවා.බුදුගුණ සිහිකරමින්ම මල් ආසන පිරිසිදු කර ,මහා සෑ රජුන්ගේ පේසා වලලු සෝදා පිරිසිදුකර ,ඖසද පාත්‍ර පුජා කර ආලෝක පූජා ,සුවද දුම් පූජා ,පැන් පුජා ,වටාපත් පූජා සිදුකර මනරම් ස්වර්ණමාලි සෑ වන්දනාවක් සිදුකකරනු ලෑබුවා.දිනය පුරා අපිරිමිත පින් රෑස්කරගෑනීමට අප සෑමට හෑකිවුනා.
දිනය පුරාම අප රැස්කල සියලු පින් සතුටු සිතින් පින් කෑමති සියල්ලන් හටද හුණු පිරියම් කිරීමේ අසිරිමත් පින්කම සිදුකරන එමෙන්ම අපට මෙම ආවස්තාව උදා කර දුන් සම්පත් අයියා ඇතුලු එම සියලු පිරිසටද,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා….
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.