ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තෑන්පත් උතුම් ස්වර්ණ්මාලි මහා සෑ රජුන්ගේ පේසා වලලු 2019.05.12 වන දින ඉතාමත් ශ්‍රද්ධාවෙන් පාසි හා හුණු පැල්ලම් ඉවත් කර පේසා වලල්ලේ එක ගලින් ගල බුදුගුණ සිහිකරමින්ම පිරිසිදුකර ජලයෙන් සෝදා හෑර බුදුරජාණන් වහන්සේ වෑඩ සිටින ඒ ගද කිලිය මනාව පිරිසිදුව සකස්කරන ලදී,මෙම අසිරිමත් දුර්ලභ පින්කම සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට සිදුකර ගැනීමට ලැබීම පෙර සසරේ සිදුකල පිනක් නිසාවෙන්මයි.. මහා සෑයේ පේසා වලලු ඉතාම ශ්‍රද්ධාවෙන් සෝදා පිරිසිදු කිරීමෙන්ද මල් ආසන පිරිසිදු කර ඖසද පාත්‍ර පුජා කර ආලෝක පූජා ,සුවද දුම් පූජා ,පැන් පුජා ආදී පූජාවන් සිදු කලෙමු, දිනය පුරාම අප රැස්කල සියලු පින් සතුටු සිතින් පින් කෑමති සියල්ලන් හටද හුණු පිරියම් කිරීමේ අසිරිමත් පින්කම සිදුකරන එමෙන්ම අපට මෙම ආවස්තාව උදා කර දුන් සම්පත් අයියා ඇතුලු එම සියලු පිරිසටද,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා….
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ධ වීමට කැමති පින්වතුන්
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.