සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් බුද්ධත්වයට සපැමිණි අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත් ද දෙව්,බඹ ,නා පිරිසගේ වන්දනාමානයට පාත්‍ර වන අපගේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කියා නිම කළ නොහැක..ඉතින් ගම් දනව් සිසාරා විහාරස්ථාන ගොඩනගමින් ශාසනය වෙනුවෙන් ඇප කැපවී සිටින සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට කදුමුදුනක පිහිටි අසිරිමත් කබරගල වන සෙනසුන වෙත කර තබමින් ,දහඩිය වගුරවමින් කාය පූජාවෙන් වෙහෙස මහන්සි වී පසුගිය දිනක බුදු පිලිම වහන්සේ වැඩම කිරීම ඉතාමත් ශ්‍රද්ධාවෙන්ම සිදුකරන ලදී.කන්ද තරනය කරන අතර තුර අපගේ ජීවිත පූජාවෙන් ගල් මත වැටෙමින් ,හෙළවල් මතට පය ලිස්සා යමින් , මුල් උඩ පැටලෙමින් නොයෙකුත් බාධා මද්‍යයේ බුදුරජාණන්වහන්සේට කිසිම සීරීමක්වත් සිදු නොවන ලෙස අපගේ දිවි දෙවැනි කොට භාග්‍යවතුන් වහන්සේ වැඩම කිරීමට ලැබීම අපගේ භාග්‍යයක්මය,මෙම අසිරිමත් පින්කමෙන් පසු අපට තවත් එවැනිම අසීරු පින්කම්ක් සිදුකිරීමට විය ,කෙතරම් අසීරු වුවත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුවම බුදු රජාණන් වහන්සේට අපගේ අතිම ගද කිලිය සකසා පූජා කිරීමට අප සසුන් කෙත අස්වද්දමු මුතුරු කැලට අවස්තාව උදා වීම කෙතරම් භාග්‍යක්ද ,එහි පලමු පියවර ලෙස බුදු කුටිය සැකසීමට අවශ්‍ය බ්ලොක් ගල්,කලු ගල් , වැලි හා සිමෙන්ති අපගේ කර මතින් අපගේ දෑතින්ම කදු මුදුනට ගෙන යාම සිදුකලෙමු,,එමෙන්ම ස්වාමින් වහන්සේට වැඩ හිදීම සදහා ආසනයක්ද සකසා පූජා කලෙමු,දිනය පුරාම රැස්කරගත්තා වූ මෙම අසීරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම පිළිම වහන්සේ පූජා කිරීම සිදු කළ පින්වත් තේජා කුමාරි අක්කා ඇතුළු පවුලේ සියලූම දෙනාට ද,එමෙන්ම මෙම පින්කම සදහා ගමන් පහසුකම් දරමින් මූල්‍යමය දායකත්වය දැරූ
රොශාන් මාදව
යමුනා ද සිල්වා
තරින්දු අන්ජන
අමරා නැන්දා
මහේශා අක්කා
දුශාන් සන්ජීව
ගීත් ගමගේ
සසිරි මිතුරිය
කසුන් අයියා
මිහිරාන්
රුක්ශිනී සහ ශිල්පා අයියාටද
එමෙන්ම මෙම බුදු පිළිම වහන්සේ වැඩම කිරීම සඳහා සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු අප මිතුරු කැලටද පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා.මෙම පිළිම වහන්සේ බොහෝ කාලයක් පින්වත් ජනයාගේ හිත සුව පිණිස. කුසල් සිත් ජනිත කිරීම පිණිස, බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කිරීම පිණිස සුවසේ වැඩසිටීවා
මෙම පිලිම වහන්සේ තැන්පත් කෙරෙන බුදු මැදුර මේ දිනයන්හීදී සකස් කෙරෙන අතර ඒ අසිරිමත් පින්කම සදහාද
සසුන්කෙත අස්වද්දමු පිනකම් මාලාවන් සදහාද සම්බන්ද වීමට අමතන්න 0715945477 ඉසුරු
Leave a Reply
Your email is safe with us.