දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට තවත් අසිරිමත් සසුන් කෙතක් අස්වැද්ද වීමට හැකිවිය.ලංකාව යනු කෙතරම් උත්තරීතර භූමියක්ද,අහස් ගැබටත් ඉහලින් පිහිටියාක් මෙන් දිස්වන අතිශය රමණීය මෙම කබරගල වන සෙනසුන පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්රීකයේය .රත්නපුර තිරිවානාකැටිය පසුකර මාරපන ප්‍රදේශයට පැම්ණ කොලණි පාරේ පැමින ගම්මානය කෙලවර පිහිටි රමණීය කදුගැටය මුදුනේ පිහිටි මෙම අසිරිමත් ආර්ණ්ය දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන අතිශය සුන්දර වන සෙනසුනකි.මෙම වනසෙනසුන වලගම්බා රජ දවස දක්වාම දිවයයි.වලගම්භා රජු සැගව සිටි ස්තානයක්ද වුවද පසුකලෙක ආර්ය මහා සංග රත්නය වෙත පූජා කර ඇති බව ජන්ප්‍රවාදයේ සදහන් වේ.එමෙන්ම අතීතයේ රහතන් වහන්සේ ලා වැඩ සිටි ගල්ලෙන්ද දැක ගත හැක .පසුගිය දිනක මෙම වන සෙනසුනට පිය නැගි අවස්තාවේ අපට දැක ගැනීමට ලැබුනා මෙම් ස්තානයේ ඇති නිස්කලන්ක භාවය නිසාම මෙම වන සෙනසුන වෙත පිටතින් බොහෝ ස්වාමින් වහන්සේලා වැඩමකරන බවක් එමෙන්ම ආගන්තුක ස්වාමින් වහන්සේලා සදහා වැඩ සිටීමට කුටියක් නොමැති වීම ප්‍රදාන ගැටලුවක් බව දුටු අප අදහස් කරා මෙම ආරණ්‍යට ස්තීර කුටියක් සකසා දීමට,එහි මූලික අදියර අපගේ අතින්ම නිමා කර තිබූ නිසා දෙවන අදියරද මෙහි බිත්ති බැදීමෙ කටයුතුද පසුගිය මස දින දෙකක් පුරාවට අපගේ අතින්ම සිදුකිරීමට හැකිවිය ,පහල සිට කදු ගැටය දක්වා ගල් ,වැලි සිමෙන්ති ජලය හා යකඩ කම්බි ගෙන එමින් සඝ ගුණ සිහිකරමින් අප සරණ ගිය ආර්ය් පුත්‍ර වූ මහා සංඝ රත්නය වෙනුවෙන් කාය පූජාවක් සිදුකිරීමට හැකිවූවා .පසුගිය දිනක තුන්වන අදියර වූ වහලය ගැසීමට අවශ්‍ය උලු ගෙන ඒම හා එහි වහලයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර දෙමින් එම වහලය ගැසීම සිදුකිරීමට හැකි විය .පසුගිය සතියේ බොහෝ වෙහෙසී අද වන විට අපට කුටියේ සියලු කටයුතු සාර්තකව නිම කිරීමට අපට හැකි වූවා,මෙම කුටිය කන්දක පිහිටා ඇති හෙයින් මෙය සැකසීම සදහා බොහෝ වෙහෙස මහසි විය , වර්ශයක පමන කාලයක් මුලුල්ලේ මෙමෙ කුටිය සැකසීමට සම්බන්ද වීමෙන් රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ ලක්ශ්ය 4ක පමණ මුදලක් වැය වූ මෙම කුටිය සැකසීම සදහා මූකිකත්වය ගෙන මේ සදහා දැනට ලක්ශ්ය දෙකකට අදික මුදලක් සම්බන්ද කර දුන් පින්වත් චරිත් අයියාටද,එමෙන්ම මේ සදහා දායකත්වය දැරූ මහේෂ් මහතාටද ,
චතුරන්ග රත්නායක අයියාටද,
සමින්දනී අක්කාටද,
නිරෝශා අක්කාටද,
නිලූෂා අක්කාටද,
ජීන් නැන්දාට හා මහතාටද
දනුක හා සංඛ මිතුරාටද ,
ලක්මාලි ජයසේකර අක්කාටද ,
ලහිරු දියමන්ත
දුමිදු සම්පත්,චතුර ගම්හේවා,
සුරේශා ගමාරච්චි,
ශානිකා තෙන්නන්කෝන්,
සියපත් විකුම්,
මහේශා දිසානායක,
සුමනා කුමාරි,
නිලූකා ගුණරත්න,
රුක්ශිනී සහ ශිල්පා අයියාටද
එවන් අයියාට
සශිලා අක්කාට
චන්ද්‍රිකා අක්කාට
සමන් සුගත් අයියාට
නෙරන්ජි හේවගේ අක්කාට
දිනිති පීරිස් අක්කාට
ඇතුලු සසුන් කෙත අස්වද්දමු පින්කම් සදහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද පින්කැමති සියල්ලන්ටද මෙන්ම මේ සදහා මා සමග පැමිනි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද මෙන්ම පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයො පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා. ඉතින් බොහෝ කාලයක් මහන්සි වූවා ,බොහෝ දෙනෙකු අදික කැපවීමෙන් අදික වීර්යකින් යුතුව එක් රැස් වූ අසිරිමත් පුදබිමක් මේ කබරගල සෙනසුන ,මෙතරම් කැපකිරිමෙන් සැකසූ කුටිය හෙට දින අතපැන් වක්කොට සතර දිශාවෙන් වඩින ආර්ය් මහා සඝ රුවන සිහිකර පූජා කිරීම සිදුවන අතර ඒ සදහා සම්බන්ද වීමට කැමති පින්වතුන් අමතන්න
ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.