දුටුවන්ගේ නෙත් සිත් වශීකෘතවන රමනීය වනලැහැබක පිහිටි සුපේශල ශික්ෂාකාමී ස්වාමින් වහන්සේලා 50 නමක් පමන වැඩ වසන ලබුනොරුව කන්ද සේනාසනය වෙත සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල ඊයේ දින පිය නැගුවේ සිව් දිශාවෙන් වඩින ආර්ය් මහා සඝ රුවන සිහිකරමින් කුටියක් සැකසීම පිණිස ශ්‍රම දායකත්වය ලබා දීම සදහාය. උදෑසනම අපට ගල් ,වැලි රැගෙන කදු මුදුනේ සකස් වෙන කුටිය වෙත කාය පූජාවෙන්ම දහඩිය බිදු වගුරවා කුටිය සැකසීමට උපකාර වූයේ අතීතයේ වැඩ සිටි සාරිපුත්ත , මොග්ගල්ලාන , ආනන්ද .නන්ද ,රාහුල මහරහත් පරපුරෙන් පැවත එන සංඝරත්නයේ සඝ ගුණ සිහිකරමින්මය. දිනය පුරාම ශ්‍රම පූජාව සිදුකල අතර එන් පසු ස්වාමින් වහන්සේලාට පැන් පහසු වීම සදහා ලීටර 2000 වතුර ටැංකියක්ද අපගේ දෑතින් කදු මුදුන එත ගෙන යාමට අපට හැකි විය , පින්කම අවසානයේ පින්වත් කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේ සිදුකල මනරම් ධර්ම දේශනාව ශ්‍රවණය කර ධර්ම සාකච්චාවක්ද සිදුකල අතර අවසානයේ පිරිකර පූජා කරමින් ස්වාමින් වහන්සේලාට වන්දනා කර අසිරිමත් පින්කම නිමා විය.දිනය පුරාම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සිදු කිරීම සදහා ගමන් පහසුව දරමින් මේ සදහා දායකත්වය දැරූ එවන් අයියාටද රුක්ශිනී සහ ශිල්පා දෙපලටද තරිදුනී අක්කාටද මහේෂා දිසානායක අක්කාටද බුද්ධික අරුණ ශාන්ත මිතුරාටලක්මාලි ජයසේකර අක්කාට ඔසන්දි චිරන්ත ප්‍රසන්න ජයනාත් පද්මා බැද්දගේ ඉසුරු විමලසූරිය සුමුදු මල්වැන්න පිරිසටද
මේ සදහා බොහෝ මහන්සි වී කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමින් වහන්සේටද ,මේ සදහා සම්බන්දීකරනය කර දුන් ලෝචන මිතුරාටද, වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහාශ්රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන්අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.