දුටුගැමුණු නරනිඳු විසින් සිංහල දීපය එක්සත් කිරීමෙන් පසු සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් ජය කුන්තය තැන්පත් කර සකස් කල අසිරිමත් ස්තූපයයි මේ මිරිසවැටිය සෑ රජුන් .ඉතින් පෙර සසරේ සිදුකල උත්තම පිනක් හේතුවෙන් මෙම සෑ රජුන්ගේ හුණු පිරියම් කර සෑය පිලිසතර කිරීමට සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට වාසනාව උදා වූවා .අදික අව් රශ්මිය හමුවේ බුදු ගුණ සිහිකරමින්ම මනාව පේසා වලලේ ,ගර්භයේ හුණු ආලේප කර සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරමින් අන් අයටද පින්කර ගැනීමේ අවස්තාව උදා කර දීමට හැකි වීම මොනතරම් භාග්‍යක්ද .සෑයෙ හුණු පිරියම් කර , සෑ රජුන් පැදකුණු කර, දණ්ඩ නමස් කාරය කරමින් සෑ වන්දනා කර දිනය පුරාම බුදුරජාණන් වහන්සේගේ වැඩ සිටින ගද කිලිය මනාව සකස් කිරීමෙන් රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේම පින්කම සදහා ගමන් වියදම් දරමින් මේ සදහා අවශ්‍ය උපකරණ ගැනීමට සම්බන්ද වූ …
- අමිල අබේසේකර අයියාටද
- දිනිති පීරිස් අක්කාටද
- චානක මදුසංක මිතුරාට්ද
- රුක්ශීනී ශිල්පා දෙපලටද
- දුශන්ත චිරාජ් අයියාට්ද
- රජිත රාමවික්‍රම අයියාටද
- මහේශා අක්කාටද
- නිලන්කා නිරෝශනී අක්කාටද
එමෙන්ම පින්කම සදහා කාය පූජාව සදහා පැමිනි සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලටද, එමෙන්ම මෙම පින්කම සම්බන්ද කර දී උපකාර කල සම්පත් අයියා ඇතුලු පිරිසටද ,
ආහාර ලබා දුන් නිශාන්ත අයියාටද , වචනයෙන් පවා උපකාර කල සියලූම දෙනාටම මෙන්ම ඔබ සැමටත් සියලු පින් නිවන් පිනිස හේතූ වේවා,..
චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ අනුසස්
(1) කුෂ්ඨ , ගඩු , සුදු කබර. අපස්මාර , අතුල් පතුල් පැලීම ඇඟ කැසීම ආදී රෝග වලින් ආරක්ෂා වීම
(2) කයෙහි තල කැළැල් හට නොගැනීම
(3) මරණින් මතු දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැරිසැරීම
(4) පැහැපත් ශරීර ලැබීම
(5) අමනාප අප්‍රිය දෑ බැහැර වීම
(6) සිත පිරිසිදු වෙයි එකඟ වෙයි මැනවින් සංසිදෙයි
(7) අරහත්වය පිණිස භාවනාට ඉඳගත් පලමු වාරය පටන් මෙම පුණ්‍ය විපාක උපකාරී වේ
සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා ශ්‍රමයෙන් සම්බධ වීමට කැමති පින්වතුන් අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.