පිළිවෙත් පුරන මහා සංඝරත්නය වෙනුවෙන් ප්රත්යයන්ගෙන් උපකාර කරමින් නිවන් මාර්ගය පරිපූර්ණ ලෙස වැඩීමට උන්වහන්සේලාට අපගේ කාය ද්වාරයෙන් , මනෝ ද්වාරයෙන්, වචී ද්වාරයෙන් උපකාර කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද. තවත් භාග්‍යයක් වන්නේ ස්වාමින් වහන්සේලාට පරිපූර්ණ ලෙසම ප්‍රතිපත්ති පූජාවේ ගමන් කිරීමට ලැබෙන වටිනාම කාලය වූ වස්සාන සමයේ ස්වාමීන්වහන්සේලාගේ සක්මන් භාවනාව සිදුකිරීම සඳහා උපකාරී වන සක්මන් මලුවක් සකසා පූජා කිරීමට අපට හැකි වීමයි.කැලෑවේ නිරන්තරයෙන් හුදකලාව භාවනා කරන යෝගාවචරයන් වහන්සේලාගේ භාවනා කටයුතු සඳහා මනාව සකස් කළ සක්මන් මලු භාවනා කටයුතු දියුනු කරගැනීමට උන්වහන්සේලාට නිරන්තරයෙන්ම උපකාර වේ.අතීතයේ රහතන් වහන්සේලා බහුල වශයෙන් බවුන් වැඩීමේදී භාවිතා කරමින් අඛන්ඩ චිත්ත ඒකාග්‍රතාවක් පවත්වා ගැනීමට හේතු වූ මෙම සක්මන් භාවනාව අතීතයේ විතර්ක භාවනාව ලෙසද හදුන්වා ඇත. සිහිය පවත්වා ගනිමින් දහම් කාරනා නැවත නැවත ආවර්ජනය කිරීමටද මෙම සක්මන මනාව උපකාරී වේ. භාවනාව ප්‍රගුණ කර වැඩි හිටි ස්වාමින් වහන්සේලා උදෙසා දිගින් වැඩි මෙම මහාථේර සක්මන් මලුව වඩාත් උපකාරී වන අතර , භාවනාවට ආධුනික යෝගාවචරයන් වහන්සේලා බොහෝ වේලාවට භාවිතා කරනුයේ සාමාණ්‍ය සක්මන් මලුවේ. දිග වැඩි වීම චිත්ත ඒකාග්‍රතාව බොහෝ වේලාවක් පවත්වා ගැනීමට ආගන්තුක හිමි වරුන් හට අපහසු වීමයි.දිනය පුරා වෙහෙස මහන්සි වී භූමිය පවිත්‍ර කර මනාව භූමිය සකසා ,මුල් ඉවත් කර , සමතලා කර සිමෙන්ති යොදා මනාව සක්මන් මලුව සැකසූවෙමු, දුර බැහැර සිට වැලි සිමෙන්ති ,ගල්, ගෙනවිත් බුදුගුණ සිහිකරමින්ම ශ්‍රම පූජා සිදුකළෙමු,අවසානයේ සියලු කටයුතු සාර්ථකව නිම කර ආසනයක්ද සහිතව සක්මන් මලුව සකසා සඝ රුවනට පූජා කළෙමු. ගම් දනව් සිසාරා සැරිසරමින් ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන සසුන්කෙත අස්වද්දමු මිතුරු කැල විසින් සකස් කළ මෙම 13 වන සක්මන් මලුව සැකසීමෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සිදුකිරීම සදහා අවශ්‍ය සියලු දෑ සම්බන්ධ කරදෙමින් මෙහි මූලිකත්වය ගත් ප්‍රීතී ධර්මරත්න මෑණියන් ඇතුලු නුගේගොඩ පාගොඩ විහාරයේ දායක සභාවටද කාය පූජාවෙන් සක්මන් මලුව සැකසීමට සම්බන්ධ වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර , ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කළ විහාරාධිපති ස්වාමින් වහන්සේටද,වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා! අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.