දහසක් විහාරස්ථාන ගොඩ නගා සසුන් කෙත අස්වද්දමු තේමාව යටතේ අපට ඉතාමත් අසිරිමත් දුර්ලභ පින්කමක් සිදුකර ගැනීමේ අවස්තාව උදා වී ඇත, ස්වාමින් වහන්සේලාගේ වස් සමදන් වී වස් පවාරණය කරමින් කඨින පින්කම දක් වා වූ කාලයේ ස්වාමින් වහන්සේලාට වත් කරමින් හම්බන්තොට වෙහෙරගල සෙනසුනේ කඨින පින්කම අපගේ අතින්ම සිදුකර ගැනීමට ලැබීම මොන තරම් බාග්‍යක්ද,,අලි , කොටි, වග වලසුන් ආදී සිව් පා සතුන්ගෙන් ගහන වූ බූන්දල රක්ෂිතයේ පිහිටා ඇති මෙම අසිරිමත් වන සෙනසුන ගෝඨාභය රජ දවස දක්වාම නෑකම් කියයි,මහා සුමණ මහ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා දහස් ගනනින් වැඩ සිටි මෙම භූමියේ අදටත් ඉපැරණි නටබුන් වී ගිය ගල් ලෙන් 200 පමණ බූන්දල රක්ශිතය පුරාවට දැක ගත හැක,මෙම වෙහෙරගල වන සෙනසුන සිල්ගුණ දම් පුරණ පින්වත් ස්වාමින් වහන්සේලා මෙන්ම ආගන්තුක ස්වාමින් වහන්සේලාගේද නිරන්තර තෝතැන්නක් බවට පත් වන්නේ මෙහි ඉතාමත් නිස්කලංක මෙන්ම අති සුන්දර රමණීය පරිසරයක් පිහිටා තිබීම නිසාමයි,හුදකලා නිවන්මග වඩින ධර්මයේ හෑසිරෙන ඉතාමත් වීර්ය වන්ත පින්වත් ස්වාමින් වහන්සේලා ඈසුරු කරන්න ලෑබීමත් උන් වහන්සේලා සමග ධර්ම සාකච්චා කරමින් සිල්වත් සඝ රුවන සමග කල් ගෙවන්න ලැබීමත් අප හට උදා වන්නේ අප පෙර සසරේ සිදුකල පිනක් නිසාමයි,
ඉතින් මෙම සෙනසුනේ වස් ආරාධනාවට පෙරාතුව අපට වස්සාන පූර්ව කෘත්‍යන් මනාව සිදුකර ගැනීමට පසුගිය සතියේ හැකි විය, එම පූර්ව කෘත්‍යන් පහත දක්වා ඇත
1. ස්වාමින් වහන්සේලාට අවශ්‍ය කුටි ප්රතිසංස්කරනය කරමින් වහලය සකසා තීන්ත ආලේප කර සියලු කුටි මනාව පිරිසිදු කර මනාව සැකසීම
2. වැසිකිලි මනාව සකසා පිරිසිදුකිරීම
3. ක්‍රමවත් ජල සැපයුමක් සෙනසුන පුරාවටම ගෙන යාම හා කුටි සියල්ල වෙතම බට අතුරා ජලය ලබා දීම
4. ක්‍රමවත් විදුලි සැපයුම් පද්දතියක් මගින් සෙනසුන වෙතම විදුලිය ලබා දීමට කටයුතු කිරීම
5. ධාතූ මන්දිරයද මනාව සකසා පිරිසිදු කිරීම හා තීන්ත ආලේප කිරීම
6. කුටි තුල ආරක්ශාව උදෙසා දැල් ගසා ආවරණය කිරීම ,
7. ස්තූපය වන්දනා කරන මාර්ගය සැකසීම
8. කුටි සදහා අවශ්‍ය ගරු භාණ්ඩ පූජා කිරීම
9. ස්වාමින් වහන්සේලාට උපස්තාන කරමින් ධානය පූජා කිරීම
11. සක්මන් මලු ප්රතිසංස්කරනය කිරීම
10. පුස්තකාලය මනාව සැකසීම
මෙම සියලු කටයුතු සඝ ගුණ සිහිර්කරමින් සම්බුදු සසුනේ චිර පැවැත්ම සදහාම කාය පූජාවෙන්ම දහඩිය බිදු වගුරා සිදුකලෙමු, දින දෙකක් පුරාවට වෙහෙස මහන්සි වී සිදුකල මෙම වස්සාන පූර්ව කෘත්‍යන් සිදුකිරීමෙන් රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සියලු කටයුතු සදහා වැය වූ ලක්ශ්ය 4කට අදික මුදල සදහා දායකත්වය දරමින් මේ සදහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත්
කුමෝශා අබේවීර අක්කා ඇතුලු එම පවුලේ සියලූ දෙනාටද ,
එමෙන්ම තවත් දායකත්වය දරමින් සම්බන්ද වූ
අරුණ ප්‍රියදර්ශන අයියා
දුලීප් මල්ලී
චමින්ද කුමාර අයියා
කසුන් වීරසිංහ මල්ලීටද
ගයාන් සමීර මිතුරාටද
රජිත අයියා ඇතුලු සියලු දෙනාටද, සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූල්‍යමය දායකත්වය දරන සියලුදෙනාටද ,මේ සදහා කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද, මෙම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර වෙහෙරගල විහාරාධිපති පින්වත් නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේටද, ඉන්දාලෝක ස්වාමින් වහන්සේටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා. වස් ආරාධනාවට පෙරාතුව මෙහි තවත් ප්‍රතිසංස්කරණ කටයුතු ඇති අතර ඒ සදහාද එමෙන්ම සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමට කැමති පින්වතුන් අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.