අතීතයේ රහතන් වහන්සේලා කොතෙකුත් මේ සිරිලක වැඩ සිටියාද , උන් වහන්සේලා පා ස්පර්ශිත උන් වහන්සේලා වැඩ විසූ ස්තානයන් දැක ගැනීමට ලැබීමත් මොනතරම් භාග්‍යක්ද…අලි , කොටි, වග වලසුන් ආදී සිව් පා සතුන්ගෙන් ගහන වූ බූන්දල රක්ෂිතයේ පිහිටා ඇති මෙම අසිරිමත් කෙල පව්ව හෙවත් වෙහෙරගල සෙනසුන ගෝඨාභය රජ දවස දක්වාම නෑකම් කියයි,මහා සුමණ මහ රහතන් වහන්සේ ප්රමුඛ රහතන් වහන්සේලා දහස් ගනනින් වැඩ සිටි මෙම භූමියේ අදටත් ඉපැරණි නටබුන් වී ගිය ගල් ලෙන් 200 පමණ බූන්දල රක්ශිතය පුරාවට දැක ගත හැක.ඉතින් මෙම සෙනසුනේ වස් ආරාධනාවට පෙරාතුව අපට වස්සාන පූර්ව කෘත්‍යක් ලෙස අපට අසිරිමත් පින්කමක් සිදුකිරීමට හැකි වූවා,එනම් මහා සුමන මහා රහතන් වහන්සේ වැඩ සිටි එමෙන්ම තේරපුත්තාභය කුමරු පැවිදි බවට පත් වූ එමෙන්ම කෙල පව්ව පුදබිමේ වැඩ සිටි බොහෝ ස්වාමින් වහන්සේලා පැවිදි බවට පත් වූ මහා නීලගිරි ගල්ලෙන නැවත් ප්‍රතිසංස්කරණය කරමින් නැවත පූජා කිරීමට අපට හැකි වූවා .අපගේ අතින් කැඩී බිදී ගිය තැන් , සකසා, විහාර ගෙය සකසා, පොලොව සකසා,බුදු පිලිම වහන්සේලා පිරිසිදු කර, තීන්ත ආලේප කර ,අපගේ අතින්ම උතුම් සඝ රුවන වෙත සකසා පූජා කිරීමට හැකි විය, වස් සමාදන් වන ස්වාමින් වහන්සේලා වෙත වස් කාලය තුල නිවන් මාර්ගයේ වැඩීම පිණිස මෙම කුටිය මනාව උපකාරී වනවා නොවනු මානය ,මෙම සියලු කටයුතු සඝ ගුණ සිහිර්කරමින් සම්බුදු සසුනේ චිර පැවැත්ම සදහාම කාය පූජාවෙන්ම දහඩිය බිදු වගුරා සිදුකලෙමු, දිනය පුරාවට වෙහෙස මහන්සි වී සිදුකල මෙම වස්සාන පූර්ව කෘත්‍යන් සිදුකිරීමෙන් රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේ සියලු කටයුතු සදහා වැය වූ ලක්ශ්ය 4කට අධික මුදල සදහා දායකත්වය දරමින් මේ සදහා මූල්‍යමය දායකත්වය දැරූ පින්වත්
කුමෝශා අබේවීර අක්කා ඇතුලු එම පවුලේ සියලූ දෙනාටද ,
එමෙන්ම තවත් දායකත්වය දරමින් සම්බන්ද වූ
අරුණ ප්‍රියදර්ශන අයියා
දුලීප් මල්ලී
චමින්ද කුමාර අයියා
කසුන් වීරසිංහ මල්ලීටද
ගයාන් සමීර මිතුරාටද
රජිත අයියාකාය ඇතුලු සියලු දෙනාටද .සසුන්කෙත අස්වද්දමු පින්කම් සදහා මූල්‍යමය දායකත්වය දරන සියලුදෙනාටද ,මේ සදහා කාය පූජාවෙන් සම්බන්ද වූ සසුන් කෙත අස්වද්දමු මිතුරු කැළටද ,මෙම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කර වෙහෙරගල විහාරාධිපති පින්වත් නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේටද,ඉන්දාලෝක ස්වාමින් වහන්සේටද වචනයෙන් පවා උපකරා කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝද වීමට උපකාර වේවා.මෙම ගල්ලෙන දැනට , බුදු මැදුර විහාරය සහ ගල්ලෙන ලෙස කොටස් කිහිපයකට වෙන් කර ඇති අතර මෙහි බුදු මැදුර පිහිටි කොටසේ ස්වාමින් වහන්සේලාට සුව පහසු ලෙස බවුන් වැඩීමට මනා ඉඩකඩක් පවතී ,ඉතින් මෙම හම්බන්තොට ප්‍රදේශයේ අදික අව් රශ්මියක් පවතින් නිසා අප මෙම විහාර මන්දිරය ස්වාමින් වහන්සේලාට සුව පහසු ලෙස වැඩ සිටීම පිණිස වායු සමනය කීරීමට අදහස් කරා, වස් ආරාධනාවට පෙර සිදුකරන මෙම පින්කමටද එමෙන්ම සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා
ශ්‍රමයෙන් සම්බන්ද වීමටද කැමති පින්වතුන් අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.