සුමන සමන් දෙව් රජුගේ ආශිර්වාදය මද්‍යයේ සිදුකළ අසිරිමත් පින්කමක් ලෙස අප සිදුකළ අවාරයේ සිරිපා කරුණාව හැදින්විය හැක, සසුන්කෙත අස්වද්දමු තේමාව කරගත් මිතුරු කැලේ 40 දෙනකු මෙම පින්කමට එක් වී සිටි අතර මෙම පින්කමේදී අප හට අධික අව් වැසි සුළන් ආදී බාහිර කිසිදු පීඩාවකින් තොරව කුරුවිට මාර්ගයෙන් කරුණා කර හැටන් මාර්ගයෙන් ගමන නිමා කිරීමට හැකිවිය, මෙම පින්කම් මාලාව පුරාවට සිදු වූ අසිරිමත්ම සිදුවීමක් වූයේ ගමනේදී ස්වාමින් වහන්සේලා හට උපස්ථාන කරමින් ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කරමින් වතාවත් සිදුකරමින් සිරිපා අඩවියේ භාවනා යෝගීව වැඩ සිටින ස්වාමින් වහසේලාගෙන් ධර්මය ශ්‍රවණය කරමින් උන් වහන්සේලා සමග ධර්ම සාකච්ඡා කිරීමට ලැබීමයි.අප අතින්ම සැකසූ මිරි වැඩි සඟල් ,නෙලුම් මල්,ආදී අපරිමිත පූජා ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සිරිපා පාදපත්මය වෙත බුදුගුණ සජ්ජායනා කරමින් සැදැහැ සිතින් පූජා කිරීමට අපට හැකි වීමද අනෙක් අසිරිමත් කාරණාව විය.ගමන් කරන සෑම මොහොතකම සුවඳ පූජා සිදු කරමින් අඩියක් තබන වාරයක් වාරයක් පාසා බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුක්තව ම ඉන්ද්රනීල මාණික්‍යය තුළ දහසක් අර ,දහසක් නැඹ සහිත චක්‍ර ලකුණින් සුසැදි බුදුරජාණන් වහන්සේගේ වම් සිරිපතුල අවාරයේ වන්දනා කිරීමට ලැබීම මොනතරම් වාසනාවක්ද , මෙම අසිරිමත් පිංකම තුළ පින්වත් ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කරමින් ,ස්වාමීන් වහන්සේලාට පිරිකර පූජා කරමින්, ගිලානෝපස්ථාන කරමින්, අසිරිමත් සිරිපතුල වෙත දෝතළු මල් පූජා කරමින්, මුතුකුඩ, පාවාඩ, පත්කඩ ,මිරිවැඩි සගල් ආදී අනේකවිද පිරිකර පූජා කරමින් පින්වත් ස්වාමීන් වහන්සේලා සමඟින් මනරම් වන්දනාවක් සිදුකරමින් දිනය පුරාම ශ්‍රීපාද භූමිය ආශ්රිත කර ගනිමින් අසිරිමත් පුණ්‍ය ගංගාවක් රැස් කර ගැනීමට අපට හැකි වූවා .මෙම අසිරිමත් වූ සියලු පුණ්‍ය ධර්මයෝ මෙම පිංකම සදහා සම්බන්ද වූ.
රුක්ශිනි අක්කාටද
මහේෂි අක්කාටද
ඔසන්දි අක්කාටද
ලක්මාලි ජයසේකර අක්කාටද
කටාර් මිතුරු පිරිස
දිනිති පීරිස්
දුශ්‍යන්ත චිරාජ් අයියාටද
චතුරි වීරසූරිය
ඇතලු සියලු දෙනාටද ,
දෝතලු මල් ලබා දුන් ,මනරම් පිරිකර සකස් කරමින් පූජා කළ සියලු දෙනාටද,
වන්දනාව සිදුකළ සියලු ස්වාමින් වහන්සේලාටද ,
අප්‍රමාණ වෙහෙස මහන්සි වී අසිරිමත් පින්කම උදෙසා කාය පූජාවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ සසුන් කෙත අස්වද්දමු මාගේ මිතුරු කැළටද,
පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා.තෙරුවන්සරණයි! නමෝ බුද්ධාය. සාදු සාදු සාදුසසුන් කෙත අස්වද්දමු පින්කම් මාලාවන් සඳහා සම්බන්ධ වීමට අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.