“පඨවිරිව නජාතු කම්පතෙ
නචලති මේරු රිවාති වායුනා
වජිර මිව නභිජ්ජතෙ ඝනං
ඝමිද මතො කඨිනංති වුච්චති”
ලෙස ධර්ම ග්රන්ථයන්හි සඳහන් වන මහ පොළව මෙන් කිසිදා කම්පා නොවෙන,මහ මෙර සේ අධික සුළගට වුව නොසෙල් වෙන,ඝන පර්වතයක් සේ නොබිදෙන,පින්කම කඨින පින්කමයි.
හම්බන්තොට වෙහෙරගල සෙනසුනේ වස් ආරාධනාවට පෙරාතුව වස්සාන පූර්ව කෘත්‍යන් ලෙස මනාව කුටි සෙනසුන් පිලිසකර කර , ජල පහසුකම් සලසා දී, ක්‍රමවත් මාර්ග සකසා, විදුලිය නිසි ලෙස සෙනසුන වෙත ලබා දී, ස්වාමින් වහන්සේලාට සුව සේ සෙනසුන තුළ වස් සමාදන් වීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර දුන් සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට උතුම් ඇසල පොහෝ දිනයේ කලණ මිතුරන් බොහෝ දෙනකුගේ සහභාගීත්වයෙන් වස් ආරාධනාව සිදු කිරීමට හැකි වූවා, එහිදී වැසි සළු පූජා කරමින් ,වැසි ගොටු පූජා කරමින් ,භාවනා ආසන ආදී පිරිකරද සෙසු පිරිකරද පූජා කරමින් අසිරිමත් ගරු කුසලයන් සිදුකර ගැනීමට ලැබීම මොන තරම් භාග්‍යක්ද ,අනුරාධපුරයේ මිහින්තලා භූමියේ දේවානම් පියතිස් රජ දවස යම් සේ අට සැට ලෙන් කරවා සඝ සතුකොට පූජා කරමින් සීහල දීපයේ පලමු වස් පින්කම දෙසැටක් රහතන් වහන්සේලා උදෙසා සිදුකළා ද එය සිහිපත් කරමින් අපටද ඉතා මනාව පිලිසකර කළ කුටි සෙනසුන් සඝ සතුකරමින් වස් ආරාධනාව සිදුකිරීමට හැකි විය. බුද්ධ කාලයේ පවා බොහෝ මාර්ගඵල ලාභී භික්ෂූන් වහන්සේලා බිහිවූ මෙම වස් කාලය ස්වාමීන් වහන්සේලා බොහෝ සෙයින් ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දෙමින් නිවන් මාර්ගය බහුල වශයෙන් වැඩීම සිදුකරයි. ඉතින් මෙම වස් ආරාධනා පිංකමෙන් ජනිත වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙහි පූර්ව වස්සාන කෘත්‍යන් සිදු කිරීම සඳහා මූලික දායකත්වය දැරූ
කුමෝශා අබේවීර අක්කාටද
වැසි සළු පූජාවට හා භාවනා ආසන පූජා පින්කම සදහා සම්බන්ද වූ,කටාර් හි වාසය කරන සසුනට අරුණ මිතුරු කැලටද ,
දිනිති පීරිස්, හංසි විතාන,නිරෝශා ලියනගේ ,සසිරි හා බස්නායක මිතුරන්ටද
අපරිමිත කැපවීමෙන් කාය පූජාවෙන් වැසි සළු සකසා වැසී ගොටු සකසා අනෙකුත් පිරිකර මනාව සකසා මේ සඳහා ප්‍රධාන කැපවීමෙන් කටයුතු කළ දර්ශන ඇතුලු සසුන් කෙත අස්වද්දමු මිතුරු කැලට ද
මෙම පින්කම සදහා අපට බොහෝ අනුසාසනා කර ධර්ම කාරණා කියා දී අපට පින්කම සදහා උපකාර කළ වෙහෙරගල විහාරාධිපති පින්වත් නාගොඩ සද්ධාලෝක ස්වාමින් වහන්සේටද,ඉන්දාලෝක ස්වාමින් වහන්සේටද
වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා.
ඉදිරියේ සිදු කරන කඨින චීවර පූජාවේ පින්කම් සදහා මෙන්ම සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා ශ්‍රමයෙන් සම්බන්ධ වීමටද කැමති පින්වතුන් අමතන්න ඉසුරු 0715945477
Leave a Reply
Your email is safe with us.