රුවන්වැලි සෑය, කුජ්ජතිස්ස වෙහෙර, සංසඝමිත්තා සෑය, පදලාංචන වෙහෙර ආදී මෙම ස්තූපයන්ට සමීපයේ පිහිටා ඇති දෙවන පෑතිස් රජ දවස උතුම් දකුණු අකුධාතූන් වහන්සේ නිධන් කොට සැදැහැවතුන්ගේ හිත සුව පිණිස සකස් කළ උතුම් ථූපාරාම සෑ රජුන්ගේ වැලි මලුව සැකසීමේ කටයුතු සඳහා ශ්‍රම දායකත්වය ලබා දීමේ අවස්තාව “සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලටත් උදා වීම මොනතරම් භාග්‍යක්ද..
බුදු ගුණ සිහි කරමින් බුදු රජාණන් වහන්සේ වැඩ සිටිනවා යයි සිතා බුදු පියානන් වහන්සේ වැඩ සිටින ගඳ කිලිය වටා භූමිය සකස් කිරීමෙන් රැස් වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සදහා උපකාර කළ
ලක්මාලී ජයසේකර අක්කාටද
රුක්ශිනී අක්කාටද
එවන් අයියාටද
දිනිති පීරිස් අක්කාටද
තමරා නැන්දා හටද
චානක මදුසංක මිතුරාටද
චතුරි වීරසූරිය අක්කාටද
දුශ්‍යන්ත චිරාජ් අයියාටද
මහේශා අක්කාටද
කුමෝශා අක්කාටද
මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි චූලනී මිස් ඇතුලු සියලු සාමාජිකයන්ටද ,
ආහාර පාන ලබා දුන් සියලු දෙනාටද ,
අප්‍රමාණ වෙහෙස මහන්සි වී අසිරිමත් පින්කම උදෙසා කාය පූජාවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ සසුන් කෙත අස්වද්දමු මාගේ මිතුරු කැළටද, පින්කැමති සියල්ලන්ටද මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා! තෙරුවන්සරණයි! නමෝ බුද්ධාය! සාදු සාදු සාදු!
ථූපාරාමයේ මලුව සැකසීමේ පින්කමේ ශ්‍රමදාන කටයුතු පෙ.ව – 6.00 සිට ප.ව 8.00 දක්වා ඉරිදා දින හැර සෑම දිනකම සැප්තැම්බර් මස 30 වන තෙක් පැවැත්වේ.
සසුන් කෙත අස්වද්දමු පින්කම් මාලාවන් සඳහා සම්බන්ධ වීමට අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.