හුදකලාවේ වැඩ වාසය කිරීම සඳහා මෙන්ම බවුන් වැඩීමට මනරම් උචිත වූ නිස්කලංක පරිසරයකින් හෙබි දුටුවන්ගේ නෙත් සිත් මන්මත් කරන මනස්කාන්ත ස්වභාව සෞන්දර්යයෙන් හෙබි සිරිපාගම මහමෙවුනා අසපුවේ කුටි සෙනසුන් සැකසීම සඳහා දහඩිය බිඳු වගුරා උත්තම ශ්‍රම පූජාවෙන් දායක වීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද,කුටි සැකසීම පිණිස අවශ්‍ය වන ගල්, වැලි, සිමෙන්ති ආදිය පා මුල සිට ගඟෙන් එගොඩට ගෙනැවිත් කුටි තැනෙන කඳුමුදුනට බුදුගුණ සිහිකරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ආර්ය මහා සංඝරත්නය උදෙසා සැකසෙන කුටිය තැනීමට ගෙන ගියේ කුසල් සිත් උපදවාගනිමින් සම්බුදු සසුනේ චිර පැවැත්මට අපගේ මේ කාය පූජාව අබමල් රේණුවකින් හෝ දායක වේවා යන පරම පවිත්‍ර චේතනාවෙන් ම ය,දිනය පුරා කුටි සැකසීම සඳහා උත්තම ශ්‍රම පූජාවෙන් දායකත්වය දැරීමෙන් ද ස්වාමීන් වහන්සේලා උදෙසා උපස්ථාන කිරීමෙන් ද දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පිංකම සඳහා අප හට සම්බන්ධවීමට ප්‍රවාහන පහසුකම් දරමින් මේ සඳහා උපකාර කළ
ලක්මාලී ජයසේකර අක්කාටද,
රුක්ශිනී අක්කාටද,
මහේෂා අක්කාටද,
සමන් කුමාර මිතුරාටද,
තමරා නැන්දාටද,
කටාර් මිතුරු පිරිසටද,
යමුනාද සිල්වා
චානක මදුසන්ක මිතුරාට ඇතුලු
කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වය දැක් වූ” සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලටද ,
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සදහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද, පින්කැමති සියල්ලන්ටද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද, මෙන්ම පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
“යමෙක් සංඝයා උදෙසා කුටි,සෙනසුන්, පූජා කරයිද ඔහු සියල්ල පිදුවා වෙයි.”
සසුන් කෙත අස්වද්දමු පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.