නව අරහාදී බුදුගුණ වලින් සමන්විත අපගේ බුදුරජාණන් වහන්සේ කෙතරම් අසිරිමත්ද , මිනිසුන්ගෙන් නිතිපතා මේ පුද සත්කාර ලැබෙන්නේ ඒ අප සරණ ගිය ඒ අපගේ බුදුරජාණන් වහන්සේ උදෙසාම නේද, හතලිස් පස් වසරක් මේ ධරණී තලයේ ගම් නියම් ගම් සැරිසරා මනුසත්වයන් සසර දුකින් එතෙර කිරීමට කටයුතු කළේ ඒ උන් වහන්සේ මහා කාරුණික නිසාවෙනි. දෙව් බඹුන් පවා සසර දුකින් එතෙර කළ ඒ අපගේ බුදුරජාණන් වහන්සේට අපගේ අතින්ම දිය නොමුසූ කිරි ආහාර පූජාවක් සිදුකිරීමට ලැබීම මොන තරම් අසිරිමත් පිනක්ද,බුදුරජාණන් වහන්සේගේ ශීලය සිහිකරමින් නව අරහාදී බුදු ගුණ සිහිකරමින් බුදුරජාණන් වහන්සේට අපගේ අතින්ම කිරි පිඬු පූජා කරනවා යැයි සිතා ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා තැන්පත් උතුම් ස්වර්ණමාලී මහා සෑ රජුන් උදෙසා මනරම් කිරිපිඬු පූජාවක් පින්වත් වල්පොල ගෝතම ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි හිත මිතුරු පිරිස සමග එක් වී අද දින සිදුකරනු ලැබුවා.බුදුගුණ සිහිකරමින්ම මල් ආසන පිරිසිදු කර ,කිරි පිඬු පාත්‍ර , පැන් පාත්‍ර,කිරි පාත්‍ර පූජා කර , සුවඳ දුම් පූජා සිදුකර මනරම් ස්වර්ණමාලි සෑ වන්දනාවක් සිදු කරනු ලැබූවා.දිනය පුරා අපිරිමිත පින් රැස්කර ගැනීමට අප සැමට හැකිවුනා.දිනය පුරාම අප රැස්කළ සියලු පින් සතුටු සිතින් මෙම පින්කමට අපව සම්බන්ධ කර ගත් පින්වත් වල්පොල ගෝතම ස්වාමින් වහන්සේටද , කිරි ආහාර සකස් කර දුන් මිහිදුකුල මිතුරාගේ පවුලේ සැමටද ,වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසටද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාටද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා….!සසුන් කෙත අස්වද්දමු මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා ශ්‍රමයෙන් සම්බන්ධ වීමට කැමති පින්වතුන් අමතන්න. ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.