සාසනයේ උන්නතිය වෙනුවෙන් කැප වී සිටින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල දිවයින පුරා පිය නගමින් මේ වෙහෙසෙන්නේ ශාසනයේ දියුණුව සඳහා ය. ඉතින් පසුගිය දිනක ඉතා අසිරිමත් පින්කමක් සුනෙත් ජයසිංහ අයියාගේ මූල්‍ය දායකත්වයෙන් සහ මූලිකත්වයෙන් ආර්ය මහා සංඝරත්නය මුල් කරගනිමින් සිදු කර ගැනීමට අපට අවස්ථාව උදා විය. සිව් දිශාවෙන් වඩින ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් තලාව උදය පාරමිතා වන සෙනසුනේදී කුටි සෙනසුනක් තනවා අතපැන් වක්කොට ඉතාමත් ශ්‍රද්ධාවෙන් පූජා කිරීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , මෙම කුටි සෙනසුන පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා අව් වැසි මැසි මදුරු උපද්‍රවයන් ගෙන් තොරව සුවසේ බවුන් වඩා නිවන් මග සම්පූර්ණ කිරීම පිණිසම යම් දිනක හේතූ වනවා නොවනු මානය. පින්වත් ස්වාමින් වහන්සේලා වැඩම කරමින් උන් වහන්සේලාට ධානය පූජා කරමින් , පිරිකර පූජා කරමින්, කුටියට අවශ්‍ය සියලු ගරු භාණ්ඩ පූජා කරමින් , පිරිත් සජ්ජායනා මධ්‍යයේ මනරම් කුටිය අප සැම එක් වී බුදුසසුනට පූජා කිරිම සිදුකළෙමු. මෙම කුටියේ අවසන් අදියර තෙක්ම සැකසීමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පින්කම සඳහා මුලිකත්වය ගනිමින් අපට ද මෙම පින්කම සිදුකර ගැනීමට අවස්ථාව උදා කර ලක්ෂ හතරහමාරකට අධික මුදලක් සම්බන්ධ කළ ඕමාන් හි වාසය කරන පින්වත් සුනෙත් ජයසිංහ අයියට ද ,ඔහුගේ දෙමව්පියන් ඇතුලු පවුලේ සැමටද
එමෙන්ම මෙහි අවසන් අදියර සඳහා දායකත්වය දැරූ හිරන්ත මිතුරාට , ගංගා නිල්මිණි මිතුරියටද, අරවින්ද ශෂාන් මිතුරාටද, ශානිකා හතුරුසිංහ මිතුරියටද , නිලංකා නිරෝශනී මිතුරියද, ශ්රීමාලී අධිකාරි අක්කාටද , නිලුපුලි මිතුරියටද , ප්‍රියංගනී නිරෝෂා අක්කාට ද ඇතුලු වචනයෙන් පවා උපකාර කළ සියලු දෙනාට ද ,
එමෙන්ම මෙම පින්කම සඳහා අපව දැනුවත් කර මෙයට සම්බන්ධ කර දුන් පින්වත් රුවන් චාමර මිතුරාට ද මෙන්ම මෙම උදය පාරමිතා වන සෙනසුනේ සියලු ස්වාමින් වහන්සේලාටද ,
කාය පූජාවෙන් මෙන්ම ගරු භාණ්ඩ සඳහා මුල්‍යමය දායකත්වය දැක් වූ ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලට ද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද , මෙන්ම පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා! ඉතින් බොහෝ කාලයක් මහන්සි වූවා.. පින්වත් චරිත් අයියාගේ මූල්‍ය දායකත්වය මූලික කොට බොහෝ දෙනෙකු අධික කැපවීමෙන් අධික වීර්යකින් යුතුව සැකසූ කුටියේ අද ස්වාමින් වහන්සේලා නිවන් මග වඩනවා දැකීම මොනතරම් සතුටක්ද ….
“යමෙක් සංඝයා උදෙසා කුටි,සෙනසුන්, පූජා කරයිද ඔහු සියල්ල පිදුවා වෙයි.”
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.