ලක්ෂ හතරක පමණ වියදමින් අලි වලසුන්ගෙන් ගහන කැලෑබද පෙදෙසක සුන්දර පරිසරයක පිහිටි ලබුනෝරුවකන්ද සේනාසනයේ ඉදිකෙරෙන කුටියේ වැඩ අවසන් වෙමින් පවතින අතර සියල්ලෝම දැක බලා අනුමෝදන් වෙත්වා ! ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැළ මේ සඳහා වැලි කැටයේ, ගඩොල් කැටයේ සිට ගෙනවිත්, දිවා රාත්‍රී කැප වෙමින් මාස ගණනක් සිදුකළ අපරිමිත කැපවීම මල් ඵල ගැන්වෙන කාලය ඉතා ලංවෙමින් පවතී. බොහෝ දුරක් සිමෙන්ති කොට්ට කර මත තබා ගෙන යන සෑම විටම අප සිතුවේ මේ සම්බුදු සසුන වෙනුවෙන් මේ සිදුකරන කාය පූජාව අප සැමට ඒකාන්තයෙන්ම නිවන් පිණිස පවතීවා යන සිතුවිල්ල පෙරදැරිවයි.
මේ පින්කම සම්බන්ධීකරණය කර දුන් G.S. ඉසුරුනාත මිතුරාට ද අපමණ වෙහෙස දරා නොකා නොබී මේ කුටිය සැකසීමට ශ්‍රම දායකත්වය ලබා දෙන සශික ඇතුලු “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැළට ද , ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා දුන් සියලු දෙනාට ඇතුලු සැමට ද මේ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතු වේවා !
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.