දානයන් අතර අග්‍ර දානය වූ ධර්ම දාන පින්කමක් අවශ්‍ය මොහොතක වස් සමය ආරම්භයේදී දඹුල්ල පුරාණ බෝධිමලු චිත්ත විවේකාශ්‍රම විහාරස්ථානය වෙත සිදුකර ගැනීමට “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැළට වාසනාව උදා විය. නිරන්තරයෙන් පින්කම් මාලාවන් හා ශීල වැඩසටහන් සිදුවන මෙම විහාරස්තානයේ දැනට ශබ්ද විකාශන යන්ත්‍ර පද්ධතියක් නොමැති වීම උග්‍ර ගැටලුවක් වී පැවති අතර, ඉතා දුෂ්කර දිවි පෙවෙතක් ගත කරන මෙම ගම්වාසීන් හට ද මෙය ලබා දීම ඉතා අසීරු වී පැවතින. ගම් දනව් සිසාරා ගමන් කරන “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල මෙම විහාරයේ මෙම අඩුපාඩුව දුරලමින් හුදී ජනයා හට ශ්‍රද්ධා ජනිත සිත් ඇති කරමින් බුද්ධාලම්භණ ප්‍රීතිය චිත්ත සන්තානයේ ජනිත වීම පිණිස නිරන්තරයෙන් ධර්මය මනාව සුවසේ ශ්‍රවණය කිරීමට උපකාරී වන, රුපියල් ලක්ෂයක් පමණ වටිනා අංගසම්පූර්ණ ශබ්ද විකාශන යන්ත්‍ර පූජාවක් සිදුකර ගැනීමට ලැබීම භාග්‍යකි. දිවා රාත්‍රී පින් වැඩෙන මෙම පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම ශබ්ද විකාශන යන්ත්‍ර කට්ටලය ගැනීම පිණිස මූල්‍යමය දායකත්වය ලබා දුන්..
කාශ්‍යප, ගයාන් සමීර, තරිඳු අංජන, මුදිත, එරංග ප්‍රසාද්, සුජිත්, පැතුම්, ලහිරු, චතුරාද, අමිල, දර්ශන, සුපුන්, නුවන්, Gs , අනුරුද්ධ, නිරෝශ්, සමන්ත, සුදක්ශී, රන්ජන, රුශාන්, අදීශ, කිත්සිරි, ශමිල, ලහිඳු, චතුරංග, කසුන්, කලන, විජේන්ද්‍ර ඇතුලු
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද, පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද, පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතූවේවා!
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
අමතන්න ඉසුරු – 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.