දහසක් විහාරස්ථාන ගොඩනගා “සසුන් කෙත අස්වද්දමු” තේමාව යටතේ අප නිරන්තරයෙන් කාය පූජාවෙන් පින්කම් කළ ද මෙවර අපට ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දී සීල වැඩසටහනක් බෙලිහුල් ඔය සීලෝගම ආරණ්‍යයේදී සිදු කිරීමට හැකිවිය. ඉතින් සෑම දිනම අසිරිමත් පින්කම් සිදුකරන අප මිතුරු කැල හට ඉතාමත් අනුකම්පාවෙන් යුතුව බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිවන පරිදි බුදු ගුණ දේශනාවක් සිදු කොට අපහට අනුසාසනා කර 2020 වර්ෂයේ මහියංගන පුදබිමේ සිදුකරන සර්ව රාත්‍රික බුදු ගුණ දේශනාව පිලිබද රාධ ස්වාමින් වහන්සේ සමගින් කථිකා කර ගැනීමට අපට හැකි වූවා. සවස් යාමයේදී බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රමයේ නිර්මාතෘවර, අති පූජනීය “ගල්පියුමේ සුමනරංසි” ලොකු ස්වාමින් වහන්සේ සමගින් භාවනා වැඩසටහනක් ද සිදු කිරීමට අපට හැකි විය. ඉතින් දිනය පුරාම අප සීල භාවනා ආදී පින්කම් මගින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පින්කැමති සියල්ලන්ටම නිවන් පිණිස උපකාරී වේවා! යන අරමුණින් අනුමෝදන් කරන අතර, “සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද, අපගේ සියලු කල්‍යාණ මිතුරන්ට ද, මේ සියලු ඉන් ඒකාන්තයෙන්ම නිවන් පිනිසම හේතූ වේවා! සීහල දීපයේ හුදී ජනයා අමා වැස්සෙන් සනසාලනු වස් සොලොස්මස්ථානයේම සර්වරාත්‍රික බුදු ගුණ දේශනා පින්කම් මාලාවක් පින්වත් රාධ ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල විසින් සිදුකිරීමට අදහස් කර ඇත. එහි පලමු වැඩ සටහන ලෙස තුන් යම පුරා අසිරිමත් බුදු ගුණ දේශනාවක් 2020 වර්ෂයේ මාර්තු මාසයේ මහියංගන පුදබිමේ සිදු කිරීමට අප අදහස් කර ඇත. එම අසිරිමත් පින්කම් මාලාවට ද, ඔබ සැම සම්බන්ධ වෙත්වා!
“සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා ශ්‍රමයෙන් සම්බන්ධ වීමට කැමති පින්වතුන් අමතන්න ඉසුරු 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.