“සිත් නිවා හමා එන අමා බුදු ගුණ සුවඳ”
සොළොස්මස්ථාන මුලික කරගත් තුන්යම රාත්‍රියක් පුරා ඇසෙන අසිරිමත් බුදුගුණ දේශනා මාලාවක සමාරම්භක දේශනය මහියංගන පුණ්‍ය භූමියේ දී පැවැත්වීමේ අදහසින් සසුන් කෙත අස්වද්දමු පදනමේ සාමාජිකයන් කිහිප දෙනෙක් වප් පුන් පොහෝදින මහියංගන රජමහ විහාරයේ නායක ස්වාමීන් වහන්සේ මුනගැසී වන්දනාමාන කර පින්කම පිලිබඳ දන්වා විහාරාධිපති හිමියන්ගේ ආශිර්වාද සහිතව අවසර ලබා දෙන මෙන් ඉල්ලා සිටි අතර , ඉන්පසු නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාද සහ අවසර මත හුදී ජනයාගේ සිත් තුල බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරනු වස් 2020 මාර්තු මස 07 වන දින මහියංගන රජමහා විහාර පුද බිමේදී ඉතාමත් සැදැහැසිතින් පින්වත් බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ සුමදුරු ස්වරයෙන් තුන්යම රාත්‍රියක් පුරා ඇසෙන අසිරිමත් “සම්බුදුවරුණ ” බුදුගුණ දේශනාව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කරමින් පවතී … අතීතයේ දී මේ පුන්‍ය භූමියේ සාසන හිතැති, දෑහිතකාමී රාජාදී ,අමාත්‍යවරුන්ගේ නිබඳ අනුග්‍රහය මත මහා අරියවංශ දේශනාව , කාලකාරාම සූත්‍ර දේශනාව ආදී දේශනා සිදු කළ අතර විවිධ ආක්‍රමණයන් හා යුධමය වාතාවරණයන් හමුවේ ඒ මාහැඟි කාර්යයන් සමාජයෙන් වියැකී ගියහ.ඉමහත් ශ්‍රද්ධාවෙන් සංවිධානය කරනු ලබන මෙම සම්බුදුවරුණ පින්කම් මාලාවේ මූලික අරමුණු වනුයේ,
- අතීතයේ තුන්යම් රාත්‍රියක් පුරා පැවැත්වූ බුදුගුණ දේශනා කිරීමේ මා හැගි පුන්‍ය කටයුත්ත නැවත සමාජ ගත කිරීම.
- සොළොස්මස්ථාන මුලික කරගෙන ඒ අවට වෙහෙර විහාරස්ථාන ප්රතිසංස්කරනය, ප්‍රත්‍ය පහසුකම් සැපයීම හා වැඩි දියුණු කිරීම.
- ප්‍රවාහන පහසුකම් සහ මුලික අවශ්‍යතා සපුරාලමින් දුශ්කර ප්‍රදේශවල වාසය කරන ජනතාවගේ සිත්තුළ බුද්ධාලම්භන ප්‍රීතිය සහ ශ්‍රද්ධාව ඇති කිරීම, ධර්ම මාර්ගයට යොමු කිරීම.
රාජකීය පෙරහර පෙරටුව ග්‍රීවා ධාතුන් වහන්සේගේ අනුරුවක් ද කේශ ධාතූන් වහන්සේලා ද වැඩම කරමින් , ආදිවාසින් විසින් සිදු කරන මී පැණි පූජාව , ගුවන් ගැබෙන් පුෂ්පෝපහාර ආදී අනේකවිධ පූජාවන් සෑ රජුන් උදෙසා පූජා කරමින් මාර්තු මස 7 වන දින සවස 4 සිට පසුදා පහන් වනතුරු තුන් යම පුරා ” සම්බුදු වරුණ ” පැවැත්වෙන අතර සවන් පුරා ශ්‍රවණය කොට අපමණ පින් රැස්කර ගැනීමට පිංවත් ඔබ සැමට සැදැහිසිතින් ආරාධනා……
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා..
- අමතන්න ඉසුරු – 0715945477
එක් වන්න අප සමග…….
- Web Site :- https:// www. sasunketha.org
- Fb Page :- https://www.facebook.com/SasunKethaAswaddamu/
- Fb Group :- https://www.facebook.com/groups/1715908338447393
- YouTube :- https://www.youtube.com/channel/UCkMxFfCWNYLe_hVYDKSObnw
Leave a Reply
Your email is safe with us.