“සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට මෙවර සිදුකිරීමට ලැබූ පින්කම නම් ලෙහෙසි පහසු වූයේ නෑ.. මන්ද යත් මනරම් සිරිපා අඩවියේ වර්ණගල අඩවිකන්ද පෙදෙසේ කිලෝමීටරයකට ආසන්න කන්දක් සහිතව ඝණ කැලෑවේ වැඩ වසන ස්වාමින් වහන්සේලා උදෙසා කුටි හා වැසිකිලි සැකසීම සඳහා වර්ෂා සහිත සමයක කූඩැල්ලන් මධ්‍යයේ අධික සීතලේ කාය පූජාවෙන් වැලි කොට්ට කර තබමින් ඉහලට ගෙන යාමට ලැබීමයි. කඳු පා මුල සිට ගඟෙන් එගොඩට ගෙනැවිත් කුටි තැනෙන කඳු මුදුනට බුදුගුණ සිහිකරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ආර්ය මහා සංඝරත්නය උදෙසා සැකසෙන කුටිය තැනීමට ගෙන ගියේ කුසල් සිත් උපදවාගනිමින් සම්බුදු සසුනේ චිර පැවැත්මට අපගේ මේ කාය පූජාව අඹමල් රේණුවකින් හෝ දායක වේවා! යන පරම පවිත්‍ර චේතනාවෙන් ම ය. දිනය පුරා කුටි සැකසීම සඳහා උත්තම ශ්‍රම පූජාවෙන් දායකත්වය දැරීමෙන් ද, ස්වාමීන් වහන්සේලා උදෙසා උපස්ථාන කිරීමෙන් ද, දානය පූජා කිරීමෙන්ද, දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම කුටිය සැකසීම සඳහා අපට ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් සඳහා සම්බන්ධ වූ..
නිරන්ජන් අයියාට ද,
අන්ජලී හේනාදීර
හංසි විතාන අක්කාට ද,
එවන් අයියාට ද,
කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වය දැක් වූ “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට ද, මෙම පින්කමට අපව සම්බන්ධ කර දුන් බුද්ධික හරිශ්චන්ද්‍ර අයියාට ද, සසන්ක මිතුරාටද,
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද, පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද, පින්කැමති සියල්ලන්ට ද, සුමන සමන් දෙව් රජු ප්රමුඛ සිරිපා අඩවියේ වැඩ වසන සියලු දිව්‍ය සමූහයාට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා! “යමෙක් සංඝයා උදෙසා කුටි,සෙනසුන් පූජා කරයි ද ඔහු සියල්ල පිදුවා වෙයි.”
සසුන් කෙත අස්වද්දමු පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 0715945477
- අභිනවයෙන් ඉදිවන නුවර එළිය පුස්සැල්ලව සෙනසුනේ පලමු කුටි සෙනසුන සෑදීමට පෙර භූමිය සකසා වැසිකිලි වල කපා, ජල නළ එලා මූලික ආරම්භය ලබා දුන් වගයි
- සිරිපා අඩවියේ, ගිලිමලේ ප්‍රදේශයේ වනසතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ රමණීය පෙදෙසක පිහිටි ගල්ලෙනක කටාරම් කෙටීම හා කුටි පිලිසකර කිරීමේ පින්කම .
- හලාවත, මුගුණුවටවන මංගණ රජමහා විහාරය වෙත පාලි අටුවා ග්රන්ථ පූජා කිරීමේ අසිරිමත් පින්කම
- මතුගම කන්දේහේන විහාරස්ථානයේ ස්තූපයේ රන් ආලේප කිරීමේ පින්කම
- ❛❛සසුන් කෙත අස්වද්දමු❜❜ මිතුරු කැළ මෙවර සිදු කරන, හිපන්කන්ද මහ පිරිවෙනේ කඨින චීවරය පඬු පෙවීමේ පින්කම.
Leave a Reply
Your email is safe with us.