ජීවිත කාලය පුරාම සිත සිතා සතුටු විය හැකි අසිරිමත් පින්කමක් සිදු කර ගැනීමට “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට හැකි විය. මහා තෙදබලයෙන් අග තැන්පත් අංගුලිමාල මහරහතන් වහන්සේගේ නමින් බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ සැකසෙන අංගුලිමාල සෑ රජුන් වෙත ලක්ෂ 03ක් පමණ වටිනාකමින් යුත් වැලිහලන යන්ත්‍රයක්, ඉතාමත් මනරම් ලෙස සැකසූ මැණික් මංජුසාවක්ද , රන් මලක්ද ,රන් සිරිපතුලක් ද සැදැහැ සිතින් පූජාකර ගැනීමට අප සැමට හැකි විය.
වැලි හලන යන්ත්‍රයෙන් යම්සේද අවශ්‍ය වැලි හැලී අනවශ්‍ය ගල් කැට ඉවත්වන්නාක් මෙන් අපගේද සිත කුසලෙයේම පිහිටත්වා..!
මංජුසාවේ වටිනා ධාතූන් වහන්සේ නමක් පිහිටනවා සේම අපගේ සිත් තුළ ශ්‍රද්ධාව මුල් බැසගෙන පවතීවා!
ඉතා වටිනා රන් මලක් පූජා කලා ද එමෙන්ම අපට මිල කළ නොහැකි ඒ අමා මහ නිවනම පිරිපුන් වෙත්වා!
මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ ලක්ෂ 03ක් පමණ වටිනා මෙම වැලි හලන යන්ත්‍රය මිලදී ගැනීම පිණිස දායකත්වය දැරූ සියලු මිතුරන්ට ද , මැණික් මංජුසාව සැකසීම සඳහා මූලිකත්වය ගත් නුවන් තෙන්නකෝන් ඇතුලු සියලු මිතුරන් හටද ,රන් මල සැකසීම සඳහා මූලිකත්වය ගත් ලක්මි නංගී ඇතුලු සියලු මිතුරන්ට ද ,රන් ආලේපිත සිරිපා සටහන පූජා කිරීමට මූලිකත්වය ගත් නිරන්ජන් අයියා ඇතුලු සියලු මිතුරන්ට ද, එමෙන්ම “සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ට ද, පින්කැමති සියල්ලන්ට ද, අපට පින ගැන කියා දී ධර්ම මාර්ගයට උපකාර කළ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ද , එදින ධර්ම දේශනාව සිදුකරමින් පුණ්‍යානුමෝදනාව සිදුකළ පින්වත් වැලිමඩ සද්ධා සීල ස්වාමින් වහන්සේ ඇතුලු මහමෙව්නාවාසී සියලු ස්වාමින් වහන්සේලාට ද, මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාට ද, පින්කැමති සියල්ලන්ට ද, මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතූවේවා!
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 071594547
Leave a Reply
Your email is safe with us.