කළ්‍යාණ මිතු ඇසුර යනු ඉතාම දුර්ලභ කාරණාවකි. සමගියෙන් කළණ මිතුරන් එක් රැස් වීම තවත් දුර්ලභ කාරණාවකි. ඉතින් උපන්දිනයක් නිමිතිකරගෙන මිතුරන් බොහෝ දෙනකු නොයෙක් කටයුතු සිදුකරා වූ ද , “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල ඊට බොහෝ සෙයින් වෙනස් වෙමින් සියලු මිතුරන්ව කැඳවා අපගේ දෙමව්පිය හිත මිතුරන් ද එක් කරගනිමින් මාගේ උපන්දින සිහිගන්වමින් පැමින සිටි සියලු දෙනාටම එගොඩ කැළණි ස්තූප භූමියේ අසිරිමත් ධර්ම දේශනා පින්කමක් පින්වත් බලංගොඩ රාධ ස්වාමින් වහන්සේගේ මෙහෙයවීමෙන් සංවිධානය කරමින් පැමින සිටි සියලු දෙනාටම පින් රැස් කරගැනීමට අවස්ථාව උදාකර දී තිබිණි. වෙනදා කලබලයෙන් ලහි ලහියේ දුවන පනින මම එදින එක් තැනකට වී ස්වාමින් වහන්සේ මුතුකුඩ තුළින් පාවඩ මධ්‍යයේ වැඩම කරනු දැක,මනරම් ලෙස මල් මගින් විචිත්‍ර වූ ධර්ම මණ්ඩපය මත ස්වාමීන් වහන්සේ වඩා හිඳිනු දැක , සංඛ නාද මධ්‍යයේ සෑ රජුන් පුදනු දැක, ශබ්ධ පූජාවන් මධ්‍යයේ දෙව් බඹුන්ට ධර්ම ශ්‍රවණය කිරීමට ආරාධනා කරනු දැක , මාගේ දෙමව්පියන් ඇතුලු බොහෝ දෙනෙක් වාඩි වී ධර්මය ශ්‍රවණය කරනු දැක මාගේ නෙතට ගතට ඇතිවූයේ කෙදිනකවත් නැති සිත් නෙත් පිනාගිය කුසල් චිත්තයකි, මහත් සතුටකි.
දිනය පුරා අසිරිමත් ධර්ම දේශනා පින්කමට සම්බන්ධවීමෙන් රැස් කරගත්තා වූ සියලුම ධර්මයෝ මෙම පිංකම සඳහා දුර බැහැර සිට වැඩම කරමින් අප කෙරෙහි අනුකම්පාවෙන් ධර්මය දේශනා කළ බෙලිහුල්ඔය සීල සමාහිත යෝගාශ්‍රම වාසී විචිත්‍ර ධර්මකථික පූජනීය බලංගොඩ රාධ ස්වාමින් වහන්සේට ද , දිවා රාත්‍රී වෙහෙසෙමින් අපරිමිත ධෛර්යයෙන් යුතුව මා වෙනුවෙන් මෙම පිංකම සංවිධානය කළ පමනක් නොව මා හට ද ධර්මය ශ්‍රවනය පිණිස ආරාධනා කළ “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැලට ද , වචනයෙන් පවා උපකාර කළ සියලු පිරිසට ද මෙන්ම, පින්කැමති සියල්ලන්ට ද මෙත් සිතින් යුක්තව රැස් කළ සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හට නිවන් පිණිසම හේතූවේවා!
“වාසනාවක් කළණ මිතුරු ඇසුර , සැමදා එක මවකගේ දරුවන් ලෙස මේ කළණ මිත්‍ර ඇසුර පවතීවා “
“සසුන් කෙත අස්වද්දමු” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.