බොහෝ කල් හිතසුව පිණිස පවතින කුසල් සිත් නිරන්තරයෙන් ජනිත කිරීමට උපකාර වන අසිරිමත් පින්කමක් වස් කාලය අවසානයේ අපට සිදුකර ගැනීමට හැකි වූවා. බුදුගුණ සිහිකරමින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ උදෙසා සුගත චීවරයක් පඬු ගසා සකස් කිරීමට අපට හැකි විය. විනයානුකූලව අපගේ දෑතින්ම සුගත චීවරයක් පඬුපොවා සකස් කිරීමට ලැබීම මොනතරම් භාග්‍යක්ද,
පඬු පෙවීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වන්නේ,
- මහෝගනී හෝ කොස් පොතු
- පඩු ඔරුව
- විනයානූකූලව මසන ලද චීවරය
පඬුපොවන ආකාරය
පළමුව මේ සඳහා කොස් පොතු ඉතාමත් සිහින් ලෙස කොටා එම කොටාගත් මහෝගනී බොහෝ වෙලාවක් තම්බා ගැනීම සිදු කළ යුතුවේ.
ඉන්පසු චීවරය මනාව ඔතා පඬු ඔරුවේ තැන්පත් කළ යුතුවේ.
ඉන්පසු තම්බාගත් මහෝගනී දියර පෙරහන්කඩයකින් පෙරමින් මනාව චීවරය මතට දමන අතර ඒ කාලයේදීම චීවරය රෝල් කරමින් පඩු ඔරුවේ ඉදිරියට ගෙනා ආ යුතුය.
එලෙසම අනෙක් පසද පඬු තවරමින් රෝල් කරමින් මනාව පඬු ගැසීම සිදුකළ යුතුවේ.
ඉන්පසු එම චීවරය හොඳින් අව්වේ වේලා ගත යුතුවේ.
චීවරය වේලා නිම වූ පසු නැවත ඉහත පරිදි 3 වතාවක් හෝ 4 වතාවක් හෝ පඬු ගැසිය යුතුවේ.
මෙම පඬු ගැසීමේදී අප පඬු ඔරුව වෙනුවට භාජනයක් තුළ පඬු සකස් කර චීවරයට පඩු පෙවීම පත්තක් ආධාරයෙන් සිදුකරන ලදී.
පින්වත් ස්වාමින් වහන්සේලා උදෙසා කෘමි උවදුරු වලින් තොරව ඉතා සුවපහසු ලෙස නිවන් මග වඩමින් බොහෝ කාලයක් පරි ශීලනය කිරීමට මෙම විනයානුකූලව අතීතයේ චාරිත්‍රානුකූලවම පඬු පොවන ලද චීවරයන් උපකාරී වනු නිසැකය. මෙම අසිරිමත් පින්කමෙන් ජනිත වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මෙම පිංකමට අපව සම්බන්ධ කරමින් මේ සඳහා උපකාර කළ පින්වත් උජිත් අයියාට ද , පසන් අයියාට ද , පින්වත් සමින්ද අයියාට ද , ආහාරපානාදිය ලබාදෙමින් උපකාර කළ දම්මිකා අක්කා ඇතුලු සියලු දෙනාට ද , එමෙන්ම මෙම පින්කම සිදුකර ගැනීම පිණිස අපට අනුශාසනා කරමින් උපකාර කළ අමත රතන සෙනසුනේ සියලු ස්වාමින් වහන්සේලාට ද , වචනයෙන් පවා උපකාරකළ සියලු පිරිසට ද මෙන්ම පින්කැමති ඔබ සියලු දෙනාට ද මෙම සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් අවබෝධ වීමට උපකාර වේවා..”සසුන් කෙත අස්වද්දමු” පින්කම් මාලාවන් සඳහා සම්බන්ධ වීමට අමතන්න ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.