උත්තම මුණි ධාතු මෙන්ම මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාද තැන්පත්කොට තනවා ඇති ගම්පහ අමතරතන සෙනසුනේ ස්තූපයේ හුණු පිරියම් කර සෑය පිලිසකර කිරීමේ දුර්ලභ අවස්ථාව පෙර සසරේ සිදුකළ උත්තම පිනක් හේතුවෙන් “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැලට උදා වූවා. අධික අව් රශ්මිය හමුවේ බුදු ගුණ සිහිකරමින්ම මනාව පේසා වලල්ලේ , ගර්භයේ හුණු ආලේප කර සෑ රජාණන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරමින් අන් අයටද පින්කර ගැනීමේ අවස්ථාව උදා කර දීමට හැකි වීම මොනතරම් භාග්‍යක්ද, චෛත්‍යයේ තීන්ත ගෑම ට අමතරව සත් බෝධීන් වහන්සේලා තැන්පත් කර ඇති බඳුන් තුළ තීන්ත ගෑම, අප අළුත්වැඩියා කළ ළිඳෙහි තිබූ මෝටරය අලුත්වැඩියා කිරිම සඳහා රැගෙන යාමට සුදුසු පරිදි සැකසීම, බුදු කුටිය පවිත්‍ර කර පිළිම වහන්සේලා ද පිරිසිදු කිරීම හා සෑ රජුන් පැදකුණු කර, දණ්ඩ නමස් කාරය කරමින් සෑ වන්දනා කර දිනය පුරාම බුදුරජාණන් වහන්සේගේ වැඩ සිටින ගද කිලිය මනාව සකස් කිරීමෙන් රැස්කරගත්තා වූ සියලූම පුණ්‍ය ධර්මයෝ මේම පින්කම සඳහා දින දෙකක් පුරා අපරිමිත කැපවීමෙන් මෙම සෑ රජුන්ගේ හුණු පිරියම් කිරීම සහ පිළිසකර කිරීම් සඳහා සම්බන්ධ වූ “සසුන්කෙත අස්වද්දමු” මිතුරු කැලෙහි සියලුම සාමාජිකයන්ට ද, මේ සදහා මූල්‍යමය දායකත්වය දරමින් සම්බන්ද වූ
අන්ජලී හේනාධීර
ලක්සිත් ඒකනායක
චානක මදුසන්ක
සරති රත්නායක
හේමන්ති ඉන්දිකා
උපේන්ද්‍ර කොඩිතුවක්කු
එමෙන්ම මෙම පින්කම සම්බන්ධ කර දී අනුශාසනා කළ පින්වත් අමතරතන සෙනසුනේ අමිත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද, එමෙන්ම එදින “සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල වෙනුවෙන් ඉදිරි සාසනික සේවාවන් සිදු කිරීම සඳහා ලක්ෂ 4 පමන වටිනා ආයුධ හා උපකරණ ලබා දුන් පින්වත් නදී ගජනායක අක්කා ඇතුලු එම සියලු හිත මිතුරන්ටද, වචනයෙන් පවා උපකාර කළ සියලූම දෙනාටම මෙන්ම ඔබ සැමටත් සියලු පින් නිවන් පිනිස හේතූ වේවා!
චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමේ අනුසස්….
- කුෂ්ඨ , ගඩු , සුදු කබර,අපස්මාර, අතුල් පතුල් පැලීම , ඇඟ කැසීම ආදී රෝග වලින් ආරක්ෂා වීම.
- කයෙහි තල කැළැල් හට නොගැනීම.
- මරණින් මතු දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සැරිසැරීම.
- පැහැපත් ශරීර ලැබීම.
- අමනාප අප්‍රිය දෑ බැහැර වීම.
- සිත පිරිසිදු වෙයි එකඟ වෙයි මැනවින් සංසිදෙයි.
- අරහත්වය පිණිස භාවනාවට ඉඳගත් පලමු වාරය පටන් මෙම පුණ්‍ය විපාක උපකාරී වේ.
“සසුන් කෙත අස්වද්දමු” මිතුරු කැල එක් වී සිදු කරන මෙම පින්කම් සදහා ශ්‍රමයෙන් සම්බන්ධ වීමට කැමති පින්වතුන් අමතන්න ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.