හුදකලාවේ වැඩ වාසය කිරීම සඳහා මෙන්ම බවුන් වැඩීමට මනරම් උචිත වූ නිස්කලංක පරිසරයකින් හෙබි දුටුවන්ගේ නෙත් සිත් මන්මත් කරන මනස්කාන්ත ස්වභාව සෞන්දර්යයෙන් හෙබි හන්තාන කදුවැටියෙහි පිහිටි උල්පත් කන්ද ආරණ්‍යය සේනාසනයේ කුටි සෙනසුන් සැකසීම සඳහා දහඩිය බිඳු වගුරා උත්තම ශ්‍රම පූජාවෙන් දායක වීමට ලැබීම මොනතරම් භාග්‍යයක්ද , කුටි සැකසීම පිණිස අවශ්‍ය වන ගල් , වැලි , සිමෙන්ති ආදිය කඳු පා මුල සිට සෙනසුනේ කුටි සැකසෙන ස්ථානය වෙත බුදුගුණ සිහිකරමින් ඉතාම ශ්‍රද්ධාවෙන් යුතුව ගෙනැවිත් අපමණ පින් රැස් කර ගැනීමට හැකි විය. ආර්ය මහා සංඝරත්නය උදෙසා සැකසෙන කුටිය තැනීමට මෙතරම් වෙහෙස වූයේ කුසල් සිත් උපදවාගනිමින් සම්බුදු සසුනේ චිර පැවැත්මට අපගේ මේ කාය පූජාව අබමල් රේණුවකින් හෝ දායක වේවා! යන පරම පවිත්‍ර චේතනාවෙන් ම ය , දිනය පුරා කුටි සැකසීම සඳහා උත්තම ශ්‍රම පූජාවෙන් දායකත්වය දැරීමෙන් ද ස්වාමීන් වහන්සේලා උදෙසා උපස්ථාන කිරීමෙන් ද දිනය පුරාම රැස්කර ගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ මෙම අසිරිමත් පිංකම සඳහා අප හට සම්බන්ධවීමට ප්‍රවාහන පහසුකම් දරමින් මේ සඳහා උපකාර කළ
ලක්මාලී ජයසේකර අක්කාටද ,
රුක්ශිනී අක්කාටද ,
මහේෂා අක්කාටද ,
එවන් අයියාටද ,
නදී අක්කාගේ මිතුරියටද ,
කටාර් මිතුරු පිරිසටද ,
සරති අයියාටද ,
චානක මදුසන්ක මිතුරාට ද ,
හේමන්ති ඉන්දිකා අක්කාටද ,
ප්‍රභාෂ් දේවා අයියාටද ,
කාය පූජාවෙන් මෙන්ම මුල්‍යමය දායකත්වය දැක් වූ ” සසුන් කෙත අස්වද්දමු ” මිතුරු කැලටද ,
එදින ආහාර පාන ලබාදුන් නදී ගජනායක අක්කා ඇතුලු සියලු පිරිසටද ,
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා මුල්‍යමය දායකත්වය ලබා දෙන සියලු පින්වතුන්ටද , පින්කැමති සියල්ලන්ට ද මෙන්ම මේ සඳහා මා සමග පැමිණි මාගේ පින්වත් මිතුරන් සියලුදෙනාටද , මෙන්ම පින්කැමති සියල්ලන්ට ද , මෙත් සිතින් යුක්තව රැස් කර සියලු පින් අනුමෝදන් කරන අතර සියලූම පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියල්ලන් හටම නිවන් පිණිසම හේතූවේවා!
” යමෙක් සංඝයා උදෙසා කුටි,සෙනසුන් පූජා කරයිද ඔහු සියල්ල පිදුවා වෙයි. “
” සසුන් කෙත අස්වද්දමු ” පින්කම් සඳහා ශ්‍රමයෙන් සම්බන්ධ වීම සඳහා අමතන්න ඉසුරු – 0715945477
Leave a Reply
Your email is safe with us.